දුරස්ථ තාරකාව

64 14 10
                                    

බොර-නීල වර්ණමිශ්‍ර අහස් කුසේ කරක් ගසන හැම වළාකුලකටම,
නෑ සංචරණය සීමා, නෑ සීමා මායිම්
සුවිසල් සාගරවල, ක්ෂිතිජයේ රන් කෙඳි සේ දිස්වෙන ගංගාවල,
සෑම ජල අංශුවකටම අයිතියි ඒ අවකාශය,
වළාකුළකට තවත් වළාකුළක් සමග මුකුළු කරන්නත්,
ගල්කුළු වල හැපෙමින් ජල කඳකට කෙළිලොල් සිනා පාන්නත්,
නෑ තහංචි, නෑ ඒ ප්‍රේම ජවනිකාවට බාධා,
එසේ නම් කිමද මිනිස් හිතකට මෙතරම් විලංගු?

උදෑසන අඹර යටත් කරගත් ප්‍රබලයා තාරකාවකි,
එයමලු ජීවයේ පැවැත්මත්,
රාත්‍රි ඝණ අදුර දවාලන ආඩම්බරකාර චන්ද්‍රයා,
රෑ අහසේ අයිතිකරු ලු,
මේ දෙකොන් මාරුව සිදුවන හෝරා කීපයේ,
සියලු දසුන් නෙත් අයා සිටින දුරස්ථ තාරකාවට,
කොහිද පළඳනා, කොහිද තනතුරු, කොහිද අතිශ්‍යෝක්තිය,
මන්දයත් එය අන්ධකාරයත සීමා වූවක් නිසාවෙන්ද....

කටුක දහවල් කාලය තුළ,
තම ප්‍රතිරූපය සඟවනා හිරුට
වෛර කළ යුතු අවධියක,
හිරු හා පෙම් බස් දොඩන්නට,
කවුරුන්ද උත්සුක..

උඩගු චන්ද්‍රයාගෙන් තොර ලොවක් නොතිබූ,
ආකාශ වස්තු මධ්‍යයේ,
දුරස්ථ තාරකාව පෙම් බැන්දේ,
දහවල රිදී ආලෝක ධාරවන්ගේ උරුමක්කරුටයි....

ගොළු වළා පටලයන් අතර සුප්‍රසිද්ද රහසක් වූ,
අහසට වෙන්වුණු,
අහසෙහිම වැළලුනු,
ඒ ප්‍රේම වෘතාන්තයේ නිමැවුම්කරු,
හිරුට පෙම් බැඳි,
දුරස්ථ තාරකාවයි......

____________________________________

_YEUL-CHIMMY_

ලන්තෑරුම් කරත්තේ || Poetic Where stories live. Discover now