සිතුවක් උරුම සිත්තරූත්,
ගීයක පද හිමි කාව්‍ය රචකයාත්,
එකම භූමිකාව නිරූපණය කරන,
ද්විත්ව චරිත යුගල නොවේද?සිත්තරූ මවන විචිත්‍ර සිතුවමෙත්,
කාව්‍යකරු මවන අද්විතීය ලෝකයත් වූ කලි,
ඒ දෙකෙහි අන්ත ලක්ෂය,
එකම විය නොහැකිද?ඔබ ඒ අනර්ග සිත්තරූ නම්,
මා ඔබ හා සමාන භූමිකාව විදහාන කවි කාරයා වූයේ නම්,
එකෙන්හි අන්තයෙහි වූ ගට්ඨනය,
අවුල් ජාලා තනන විශ්මයක් නොවේ නේද?ඒත් එහි වූ ගට්ඨනය කොතරම් තදින් වීදයත්,
මාගේ නැවතුම් පළ වූයේ,
එක් තරා ගුප්ත ලෝකයක් වූ,
නිසල කාන්තාරයක්...උදෑසන අන්ධකාරය රජ කෙරුවද,
මහා රෑ හරි එළියයි එතැන්ට,
අවැසි වුවද උබේ උණුහුම,
හිටියද උබ මගේ ගාව....කුකියෝ උබේ හියුන්ව නොපෙනුනද,
පේනවා මට මගේ හා පැටියා යස අගේට,
වියැකුණු උත්සහයක් අතරින් උවද,
අවැසි වූයේ උබ මගේ තුරුළට ගන්න...තරහද පණ මා එක්ක,
ඒ නොකියා ගිය දුර ගමනට,
ඒත් මගේ හුස්ම රැදුනේ,
හැමදාම ඔය පපුව මත...රුහිරුයෙන් සලකුණු නොතිබ්බද,
මා එය ප්‍රත්‍යක්ෂ කරේ හෘදස්පන්දනයෙනුයි,
එකම ලේ යන නහර නොතිබ්බද,
මගේ ගතම ක්‍රියා කලේ එක හැගුමකටයි...මද නළ මගේ සුසුම් පොද ඈතට රැගෙන ගියද,
මහා පොළව මගේ කය පස් ගොඩක් කළද,
මහා ලොකු ධෛවය මා වැරදිකරු කරද,
මන් මහා ගොඩක් ආදරෙයි,
මගේ මල්ලි උබට....___________________________________
Aura_Ningගේ තවත් ෆෑන් ෆික්ෂන් එකකට ලියපු එකක්...
_YEUL-CHIMMY_
YOU ARE READING
ලන්තෑරුම් කරත්තේ || Poetic
Poetryසිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම් නෑ හැබැයි, එක පොඩි ලන්තෑරුමයි නොවෑ.. හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ, කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්... දිස්නේ දෙන නිලුපුලැසියෝ, එන්ඩ එපා මේ පැත්ත පළාතේ...