මොනාලිසා වෙත පියවර තබා

65 12 8
                                    

' සොරොව් ඇරුමට
ඇයි අවැසිමද
අහස්දිය වැඩි වෙන්න ? '

~~

' උදක අඩු නම්
නොවේ ඵලක්
සොරොව් දොරොටු විවරයේ '

______________________

' ගොනඟුල් වාලධිය
වගේ නොවේ
කුක්කුර නඟුට '

~~

' ගොනඟුලා වුව
කුක්කුරයා වුව
එකම තරමේ ඈයෝ නොව '

______________________

' ගොනඟුල්, කුක්කුර ගියාවේ
උන්ගේ වලගත් ගියාවේ
නැත්ත ගහගෙන ගියාවේ '

' ගසට නමක් ඇත
මලටද වේ
ඔබට නොවේ ? '

~~

' නම් නැති ගස්,
නම් නැති මල්,
ඇතිනේ ඕනතරම්

( අ වදුලෙන් චර්ණා ) '

______________________

' දැනේ මා ගජරුපු
තුස් වේ නම්
සිඳු තරම් මහඟු '

______________________

' සයුර ලවණ රස
මොන රසද
ඔබේ ලවන ? '

~~

' පුෂ්පකරණී සුවදවත්
මගේ ලවන
හරි මත යි (-ලු)

' උදෑසන රවි
බසී සැඳෑවේ
එහෙත් යළි නඟී '

' ළපටි අරවින්ද
පිපෙයි
යළි පරවෙයි '

' දවසක වෙයි මුකුලිත,
යලි විකසිත
නොවේ 'මේ' තඹරු '
______________________

' අඳුරු රෑ ඉඳු
සැර වැඩී වේ
කුමුදුනි '

' බලන් හිදිමි සෛන්ධව සමඟ
සෙවනේ සිට මා
මගේ මොන්ලිස් එන තුරා '

______________________

' දියත පතළ කාංචන සයුරු
රැගෙන ගිය මගේ සුසුම් පොද
නැවත ගෙන ආවද
ඇසිපිය වූ ක්ෂණයෙන් අතුරුදහන්

ළතැවෙන පවන මා වට
කියන කතා අසා නිමග්නව
තනිව සිට මා සෛන්ධව සමඟ
කලක් සිටියා මොන්ලිස් එනතුරා '

____________________________________________

මගේ 'මොනාලිසා' පොතේ ඇතුළත් හයිකු ආරයේ කවි කිහිපයක්...ප්‍රශ්නය සහ පිළිතුරු හයිකුවක් වශයෙන්...

_YEUL-CHIMMY_

You've reached the end of published parts.

⏰ Last updated: Dec 20, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

ලන්තෑරුම් කරත්තේ || Poetic Where stories live. Discover now