Liya's restuarnt
ජීවිතේ කියන්නෙම නැති වෙන එක කියල මන් හිත හදාගන්න උත්සහ කලාට ඒක මට විතරක් උරුම දෙයක්ද කියලත් මට හිතුනා... මාශී අපි හැමෝගෙන්ම ඈත් වුනාට ටේ මාශීව හොයන්න මහන්සි වෙන විදිහ දැක්කම මට ඒ ආදරේ ගැන ලොකු සතුටක් ඇති වුනෙ... ටේ කියන්නේ ලෝකයම දන්න කෙනෙක්.. ඒ වෙලත් සාමන්‍ය කෙල්ලෙක්ට මෙහෙම ආදරේ කරයි කියල මන් කවදාවත් විශ්වාස කලේ නෑ..
මගේ ජීවිතේ ගැනම හිත හිත මන් මෙතන මේසයකට වෙලා හිතෙන හැම දෙයක්ම වචන කලා..
නැති වීම එක්කම ආදරය හොයන එක මාර මෝඩකමක්.. දැන දැනම ඒකම කරන ඒක ඊට වඩා මෝඩ වැඩක්..
මෙමා දුරමුත් ඔබේ හදවතට
කිමෙද මගේ හදෙහි ඔබම පමණක්...
ඔබෙ දෙනෙත් දෙස බලා සිටිනට පෙරුම් පිරුවද හද දහස්වර...
නොහැක අවනත වන්න මා හට...
කෙලෙස බලනද මා, ඔය දෙනෙත් දෙස ආදරය හංගගෙන හිත යට....
නොදන්නෙමි මා මේ හැගුම්,
නමුදු පතමි ඔබෙ සතුටම මගේ හද ඉකිබින්දත් ඔබ නමින්....
දනිමි මා.. ඔබට නොදැනෙන බැව් මා..
නමුදු කිම හද නොපිලිගන්නේ,
තනි හිතට ආදරය බර බැව්...
නොකියමි හදෙහි වූ සෙනෙහස ඔබ නමට...."මෙමා දුරමුත් ඔබේ හදවතට...."
මාව ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ඇහුන මන් ලිව්ව වචන ඇහිලා.. මන් කොලේ අත් දෙකෙන්ම පොඩි කරගන්න ගමන් පිටිපස්ස බැලුවා..
YOU ARE READING
I'm addicted to you
FanfictionTo what extent do a group of young people who pursue desires fall in love with love stories they meet by chance? The endless life story of five innocent lives who tried to make love a part of their lives ... created entirely at the discretion of th...