සැප නින්දක හිටපු මගෙ ඇස් ඇරුනෙ කන ලග ලොකු සද්දයක් ඇහුනු නිසා.
" ආශ්... කවුද අනේ මේ කෑ ගහන්නෙ. මට නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ " බැන බැනම මන් ඇස් දෙකත් පොඩි කර කර ඔලුව ඉස්සුව." S..Sir " හරිනෙ දැන් ආසාව.
" මොකද මෙතන නිදාගන්නෙ ආ.. අනික office එන්නෙ නිදාගන්නද " මේකගෙ නපුරු කම.
" මගෙ ඔලුව ටිකක් කැරකෙන්න ගත්ත ඒකයි මන් ටිකක් නිදාගත්තෙ "
" හරි ඒක කමක් නෑ කියමුකො , ඇයි මේ sobin ඔයාගෙ ඔලුව අතගගා ඉන්නෙ "
" මො.. මොකක් මගෙ ඔලුව අතගෑව " ඇත්තටම මට ඒක දැනුනෙ නෑ. මොකද මන් හිටියෙ තද නින්දෙ.
" Sobin , ඔයා එහෙම කරාද " මන් Sobin දිහාට හැරුන . පවු කොල්ල මූනත් බෙරි කරන් අඩන්න ඔන්න මෙන්න හිටියෙ.
" මට හිතුන ඔයාට ඒකෙන් පොඩි හරි සහනයක් ලැබෙයි කියල "
" ආ...ප්... හරි ආයිමත් ඒ දේවල් කරන්න එපා Sobin . මේක office එකක් නෙ.අනික මන් ඔයාගෙ අක්ක වගේ.මන් Mr. Yoongi ගෙන් ඔයා වෙනුවෙන් සමාව ගන්නන්. දැන් ඔයා යන්නකො " මගෙ කතාවෙන් පස්සෙ කොල්ලගෙ මූන තවත් අදුරු වෙනව මන් දැක්ක.
" Nabi, ඔයා හොදටම දන්නව මන් ඔය Sobin කාරය ඔයා ලගින් ඉන්නවට කැමති නෑ කියල, එහෙම එකේ ඇයි ඔයා එයා ලගින් ඉන්නෙ " Yoongi මට කෑ ගැහුව.
" මට දුකක් දැනුනු වෙලාවට ඔය කවුරුත් මගෙ ලගින් හිටියෙ නෑ , Sobin ඇරෙන්න . I'm Sorry Sir, මන් අපහු මෙහෙම හැසිරෙන්නෙ නෑ. මන් දැන් යන්නන් " මන් එතනින් යන්න හැදුවත් Yoongi ගෙ හැඩි දැඩි අතට මාව අහුවුනා.
" මොකක්ද ප්‍රශ්නෙ කියන්න Nabi, ඔයා උදේ හොදට හිටියනෙ. මගෙ කෙල්ල අද එක්කෙනෙක්ට චන්ඩි කමකුත් දැම්මෙ "
" විහිලු නෙමෙයි Yoongi , ඔයාට ඔය Seo Joon කියන නම පොඩ්ඩක්වත් හුරු නැද්ද "
" ඒ.. නම අර ඔයාගෙ Ex ටත් තියෙනව කියපු එක නෙ, ඇයි ඉතින් ඒකට කලබල වෙන්නෙ." මන් හිමින් සීරුවෙ හැරිනෙ Yoongi ගෙ දිහාවට.
" ඔයා දන්නවද ඔය ඇවිල්ල ඉන්න කෙනා තමයි මීට අවුරුදු කට කලින් මගෙ boy friend , ඒ කියන්නෙ මගෙ Ex." මන් කියල දැම්මත් එක්කම Yoongi මගෙ අත තදින් මිරිකුවෙ එයාගෙ කේන්තිය මගෙ පිටින් පිටකරල දාන ගමන්.
" අ.. අනේ .. මට රිදෙනව මෝඩයෝ..."
" Sorry Nabi. මට හිතාගන්න පුලුවන් එහෙනන් ඇයි ඌ ඔයා ගැන මගෙන් ඒ වගේ දෙයක් ඇහුවෙ කියල "
" මො.. මොකක්ද .. එයා මගේ ගැන ඔයාගෙන් ඇහුවද? " මන් කිඋවෙ Yoongi ගෙ මූනට එබෙන ගමන්.
" ඔහොම ලගට එන්න එපා , Office එක කියල නොබල ඉබින්න හිතෙනව " මේකට මෙතනත් විහිලු.
" විහිලු නොකර කියන්නකො "
" ම්ම්.. ඌ මගෙන් ඇහුව ඔයා මෙහෙ මොන section එකේද වැඩ කරන්නෙ, ඔයා මොන රටේ කෙනෙක්ද වගෙ ඒව."
" මට එයාගෙන් ගැලවීමක් නෑ වගේ Yoongi , මන් එයාගෙන් බේරෙන්නයි මෙහෙට ආවෙ. ඒත් දැන් මට මෙතනත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ "
" ඒ.. ඒ කාලෙ ඔයාගෙ ලගින් මන් හිටියෙ නෑ. ඒත් දැන් .., ඔයාට මගෙ ලගින් කොහෙටවත් යන්න මන් ඉඩදෙන්නෙ නෑ " Yoongi ගෙ මේ වචන ටිකම ඇති මගෙ හිත හැදෙන්න.
" මන් දන්නව Yoongiyaa , ඔය Seo Joon ගෙ Daddy එක පාරක් මට හම්බවෙලා තියෙනව. මගෙ daddy ගෙ business වැඩකට "
" ඕක ගැන දැන් හිතන්න එපා. කොහොමත් එයා දැන් ලමයෙක් ඉන්න අප්ප කෙනෙක්. එයා ඔයාට කරදර කරන එකක් නෑ "
ලමයෙක්..., ඔව් මයි .. ඒ බබා කාගෙද.. සමහර විට Yun hi ගෙ වෙන්න ඇති. ඒත් ඒකාලෙම Yun hi වෙන කෙනෙක්ව marry කරානෙ. එතකොට ඒ බබා කාගෙද ... මටත් පිස්සු.., එයා වෙන කෙනෙක්ව marry කරන්න ඇති නෙ... මන් ඔය දේවල් හිතුවෙ Yoongi එතනින් ගියාට පස්සෙ.
YOU ARE READING
Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈ [ Completed ]
Aventuraඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොටම , තමන්ගෙ පරන ආදරේ ආයෙමත් ආවොත් මොකද කරන්නෙ ? 💔 Start - 2021.10.21 End -2022.03.01 #2 - ශ්රීලංකා #4 - සිංහල