❤💚6💚❤

460 145 28
                                    


❤💚6. ප්‍රේමය නම්💚

ඔව් අද උදේ උනේ ඔය ටික තමයි ...මට මං හේතුවක් දන්නේ නෑ..යිබෝ සර් තුවාල කරපු තොල්වලට වඩා මගේ පපුව වේදනා දෙනවා..මෙතරම් වෙලා සිවිලිම ම දෙස බලාගෙන එදා ඉදං අද වෙනකං උනු සිදුවිම් එක දිගට මතක් උනේ මගේ නෙත් අගින් උනු කදුලු පේලි රූටා වැටෙද්දි ......

යිබෝ සර් කසාද බැදපු කෙනෙක්...එයා කසාද බැදලා හිටියේ නිළියක්වමයි.....මං එකම එක සැරයක් ඒ නෝනව දැක්කා....හරිම ලස්සනයි...ඉටි රූපයක් වගේ....දවසක් ලස්සනට මේකප් කරලා යිබෝ  සර් එක්ක කාර් එකේ කොහෙදෝ යනවා මං දැක්කා.......හැමෝම කතා වුණේ ඒ දෙන්නා නියම ජෝඩුවක් කියලා
.........ඒ වචන මගෙ පපුවට පිහිතුඩකින් අනිනවා වගේ වුණත් මගේ මුරණ්ඩු හිත තව තවත් යිබෝ සර්ට දැන දැනම ආදරේ කළා...මං මහා මෝඩයෙක් නේද.පත්තරේක වුණත් යිබෝ සරුයු ඒ නෝනගෙයි රූපෙ දකිද්දි ඒක ඉරලා විසි කරල සැනසීමක් ලබන්න තරම්  මං බොළද වුණා........ඔව්....කොටින්ම කිව්වොත් මං පිස්සෙක් වගේ යිබෝ සර්ට ට ආදරේ කරනවා...එකා ආදරයක්ද...කියලා වේලවකට මට සැකත් හිතෙනවා ..එතරමට මං උන්මත්තකයෙක් ...හිතේ තියන් හිර කරගෙනම ඉන්න තරම්.............යිබෝ සර් එහෙම හැසුරුනේ ඇයි කියලා මං තාම දන්නැ..

රෑ එළිවෙනකල් එක පැයක් නිදාගන්නෙ නැතුව අඩ අඩා ඉදලම මට උදේ වෙද්දි උණ හැදිලා තිබුණා..එක අතකට ඒකත් හොදයි කියලා හිතුණේ එදා වැඩට නොයා ඉන්න ලැබෙන එක සහනයක් බව දැණුන නිසා.

"මහත්තයා ....මහත්තයා......වැඩට යන්නෙ නැද්ද මහත්තයා .............."

"අ....නේ....මගේ ඇගට ටිකක් හරි නෑ වගේ මැගි අම්මේ............." මැගි අම්මා තමයි මට උදව් කරන්නේ මගෙ කෑම බීම ගැන බලන්නේ.....ඇත්තටම ඇය මට අම්මා කෙනෙක්.....

"ඒ මොකද කවදාවත් නැතුව......කෝ බලන්න............දෙයියනේ....සහළෝල උණ නේද........"ඇය මගේ නලල මත අත තබා බැලුවා........

"කෝ මහත්තයා ඔහොම ඉදලා බෑ යං.බෙහෙත් ඩිංගිත්තක් ගේන්න යමු....කෝ නැගිටින්න..................................

කලබලෙන්ම එළියට දුවන මැගි අම්මා දිහා මං අමාරුවෙන් ඇස් ඇරගෙන බලන් හිටියා.....අනේ මැගි අම්මට තේරුම් කරන්නේ කොහොමද...මට බෙහෙත් ඕන නෑ......මගේ හිතේ මේ තියෙන වේදනාව කිසිම බේතකින් සනීප කරන්න බෑ කියල...  මැගි අම්මට කොහොමද මං තේරුම් කරන්නේ...එකම බෙහෙත යිබෝ සර් කියලා.............ටිකක් තනියමවත් ඉන්න තිබුණා නම්

ප්‍රේමය නම්❤💚 (short story 7..complete  )Where stories live. Discover now