උදේ වරුවත් හිමීට ගෙවී ගෙන ගිහින් දැන් දවලුත් වෙලා... තව ටික වෙලාවයි ස්කූල් එක ඇරෙන්නත් තියෙන්නෙ. බඩගිනියිත් අප්පා. කැෆෙටේරියා එක පැත්තට වත් ගියා නම්...
"ඒයි කටුස්සි බඩගිනියි...යන්කො කැෆෙටේරිය එකට"
ආහ් හේසොවටත් බඩගිනි වෙලාද කොහොද. මං අහන්න යනකොට ම ඇහුවෙ. හී... දෙන්නටම ඔය වගේ දේවල් නම් මතක් වෙන්නේ එකට.
"යං බං මාගේ සූටි බන්ඩියත් කෑ ගගහා තමා හිටියෙ."
"එහෙනම් යං යං" "උබට ජන්කුක් ඔප්පා වත් ශේප් කරගන්න වෙයි ඔන්න..."
" එයා ඉතින් ක්ලාස් එක වෙලාවට බැන්නට පස්සේ යාළුයිනෙ. හී.."
"අම්මේ ද කියන්නෙ. ඔප්පගෙ පණනෙ ඉතින්."
" අපි එහෙම තමයි.. හුම්.. වටිනා කියන දරුවො."
" අනේ මං බොට කියන්නෑ..."
" මොනා කියන්න ද මං ඒම තමයි. බලන්නකො චිමී ඔප්පත් ආදලේ මට නෙ."
ඔන්න දැන් කෙල්ලගෙ මූණ වෙනස් වෙනෝ...
" අපිට ඉතින් හුළං තමයි."
රවලා අනිත් පැත්ත හැරුන්නැතැයි. දැන් ඉතින් යාළු කර ගන්නත් වෙනෝ ඉතින් පොඩි බටර් පාරක් ගාල. මං ඉතින් දන්න වැඩ කෑලි දෙකක් තුනක් දාලා යාළු කොර ගත්තා... හූම්..
කොහොම හරි අපි කියව කියව ම කැෆෙටේරියා එකටත් ඇවිත් ඉතින්.
" ඒ කියූවො අන්න සර්ත් ඉන්නව ජියෝ මැඩම් එක්ක."
" ඔව්මයි ඒ දෙන්නත් කන්නද කොහෙද ඇවිත් ඉන්නේ "
"යා.. මෝඩි! නැත්තම් ඉතින් උයන්න එනවද ඒ දෙන්න කැෆෙටේරියා එකට."
හරි හේසොගෙ කටේ සද්දෙ ඇහිලා ද කොහෙද ජියෝ මැඩම් හැරිල බැලුවෙ. එයා අපිව දැකල අපිටත් එන්න කිව්වා. මායි හේසොයිත් ඉතින් ගියා.. නැත්තන් හරි නෑ නෙ...
" ආ.. කෙල්ලො දෙන්නා... ගොඩ කාලෙකින් දැක්කේ..."
" ඔව් මැඩම්.. මැඩම් හිටියේ නෑ නෙ පහුගිය ටිකේ.."
" හ්ම්.. ඒකනෙ." " ඉදගන්නැද්ද කන්න නේද ආවෙ."
" මැඩම් අපි මේ...."
" අනේ මෝඩියො දෙන්නා. ඉදගන්නව හලෝ... අපි දන්නැද්ද ඔයාලගෙ හැටි."
යා... මේ ජන්කුක් ඔප්පා නම්... මේ ස්කූල් එක කියලවත් මතක නැද්ද මන්දා ඒක කියල හිනා වෙන්නෙ.
"අයියෝ ඔප්පා... පව් අනේ මේ කෙල්ලො දෙන්නා... කරන විහිළුවක් ගෙදර ගිහින් කර ගන්නකො."
අම්මේ ඇති යාන්තං මැඩම් හරි මතක් කරලා දුන්නා...
" ඒක නෙමෙයි ඔයාලත් අද එනව නේ.."
"ඕ.."
" එහෙනම් අද කට්ටියම ඉදී.."
" ඔව් ඔව් නැත්තං. කට්ටියම කාලෙකින් සෙට් උනෙත් නෑ නෙ."
" ඇයි අනේ අපි මැඩම් ට්‍රිප් එක යන්න කලින් නෙ හම්බුනේ.."
" ඔව් ඉතින් දැන් සති දෙකකට විතර කලින් නෙ"
"මේ ඒක නෙමෙයි ස්කූල් එකේදි ඇරෙන්න මට මැඩම් කිව්වොත් බලා ගන්නම් කො.."
" හ්ම්..." " ඒත් ඉතින් ඔයා කලින් ම අපේ මැඩ..."
මට කියල ඉවර කරන්න හම්බුනේ නෑ..
✍️Neth P
![](https://img.wattpad.com/cover/293337432-288-k164944.jpg)
YOU ARE READING
4 🄻🄴🅃🅃🄴🅁🅂 |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓
Fanfictionමං බයයි. ඔව් මං බයයි ඒ අකුරු 4ට. අනේ එපා!!!!