4 Letters ❤️

209 28 0
                                    

දිනෙක
ගුලි වී
කාමරයක් තුළ
හැඩුවෙම්
වරු ගණනන්
බිය ව ඒ
අකුරු හතර
තේරුමක් ඇතිව
හෝ නැතිව

තවත් ලස්සන
අකුරු හතරක්
වසගයට ගෙන
මෙ මා
තුරුලු කර
පැහැදුවා
හරි අපූර්වට
ලස්සන ම
හදවතක් ඒ

තම ගමන් මඟෙ
පියවරක්
ආපස්සට
අරන්
තනිකම මැකුව
එක් සොදුරු
හදවත
සදාතනිකව
ලැගුම් ගෙන
මිතුරියක්

සොයා ගෙන
දහසක් දෙනා
අතරින්
මාපියන් හා
සම ලෙසින්
රැකියා පණ සේ
කදුළු දෑසට
නොනැගෙන්න
හදවතේ තනිකම
උදුරා දමා

මටත් පෙර මගෙ
මනස වටහා
දුන්නා
ගොඩ එන්න
අත්වැලක්
මට අවැසි දේ
ආදරය හා
මුසු කර
නොඅඩුව ම
හදවතේ රැදුනා
සොයුරු පෙමකුත්
සුන්දරයි

මතු දිනෙක
මට රකින්න
ආසයි
තවත් ලස්සන
කැකුළු මල්
දෙන්න ආසයි
අත හිතත්
මට ඔවුන්
දුන් ඒ ලෙසින් 😊❤️

-✍️ කියූ

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now