💔 06 💔

341 75 0
                                    

මං කල්පනා කර කර ඉන්නකොට එක පාරටම...............





































කවුරු හරි ඇවිත් මාව බැක්හග් කරා.. මං එක පාරට ම ගැස්සිලා ගියේ මේ වගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු නොවුන නිසා...

" ආහ් ඔප්පා අයින් වෙන්නකො අනේ..."

වෙන කවුරුත් නෙවෙයි ඒ ජන්කුක් ඔප්පා.

" ම්ම්ම්... අද නම් බෑ..."

කියල එයා මාව තව ටිකක් තුරුල් කරගත්තා එයා ගාවට. විනාඩි දෙක තුනක් කතා නොකර හිටපු එයා කතා කරන්න ගත්තා.

" කියූ මේ අහන්න. ඔයා බයයි නේද? "

මොකක් ඔප්පා කොහොමද ඒක දන්නෙ. ඇත්තටම අහන්නෙ ඒක ගැන ද? ඒත් කොහොමද එයා ඒක දන්නෙ. අනේ මං ටේ ඔප්පට කිව්වනෙ කාටවත් කියන්න එපා කියල. අනික කවුරුත් දන්නෙත් නෑ නේ මං බෙහෙත් බොනවා කියලවත්. ඔප්පා අහන්නෙ වෙන මොකක් හරි වෙන්න ඇති...

" ඔ.. ඔප්පා.... ඔ.. ඔයා මොකක් ගැනද අහන්නේ.? "

මං ඔප්පා ගෙන් ඇහුවෙ හරියටම මොකක්ද කියල දැනගන්න.

" කියූ මට බොරු කියන්න එපා... මං දන්නවා. ඔයා ගොඩක් ම බය දේ ගැන ඇහුවෙ. ඔයා ඒකට බෙහෙත් බොනවා කියලත් මං දන්නවා මැණික..."

" ඔප්පා...."

මගේ ඇස් වල කදුළු පිරුණා ඔප්පා එහෙම කියනකොට. මං අඬා ගෙනම ඔප්පට තුරුල් වුණා.. ඔප්පත් මාව තව ටිකක් තද කරලා බදා ගත්තා. මට ඇති වෙනකන් අඩන්න කියලා ඔප්පා මගේ ඔළුව අත ගෑවෙ ආයෙ මෙහෙම අඩන්න බෑ කියල. මං ඇති වෙනකන් ඇඩුවා...

" ශ්.. ශ්... දැන් ඇති නේද "

කියල ඔප්පා මගේ මූණෙ තිබ්බ කදුළු පාරවල් පිහුවා...

" මේ අහන්නකො මට දැන් කියන්නකො ඔයාට උනේ මොකද්ද කියලා..."

ජන්කුක් ඔප්පා මගෙන් ඇහුවා. මං කොහොමද කටක් ඇරලා ඒක කියන්නෙ. මතක් වෙනකොටත් මං බයයි. මාව වෙවුලනවා.

මං කතා කරන්නෙ නැති නිසා ඔප්පා ආයෙ මාව එයාගෙ පපුවට තුරුළු කරගත්තා.

" පැටියෝ.."

" ම්ම් "

" ඔයාට කලින් මොනා වෙලා තිබුනත් ඔප්පා ආදරෙයි මගෙ පැටියට. මට ඔයාට උනේ මොකද්ද කියලා කියන්නකො හරියටම..."

අන්තිමට මං ඒ මතක් කරන්නත් බය අතීතෙ ජන්කුක් ඔප්පා එක්ක කිව්වා. මං කියනවට වඩා කරේ අඩන එක. මං කතාව කියනකන්ම ඔප්පා මාව තුරුල් කරගෙන හිටියෙ.

" මං දන්නවා ඔයා ඒ අකුරු හතරට බයයි කියල. ඒත් බලන්නකො කියූ මගෙ නමටත් අකුරු හතරයිනෙ. ඒක පැත්තකින් තියමුකො. මට කියන්න ඔයා මට ආදරය කරනවනේ ද....? අපි හැමෝටම ආදරෙයි නේද...? ම්ම්...??"

" හ්ම්.."

" ඉතින් බලන්නකො ආදරේ වගේ ලස්සන දේකට තියෙන්නෙත් අකුරු හතරයිනෙ. ආදරය කිව්වත් අකුරු හතරයි. Love කිව්වත් අකුරු හතරයි. එහෙම නේද? "






✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now