💔 09 💔

328 64 3
                                    

යා... නවත්තනවා දෙන්නම ඕක!!!!

හම්මේ ඔය ආවෙ වස්ටු කැටේ.. අපේ යුංගි ඔප්පගෙ සදාදරණීය වයිෆ් නූරා ඔන්නී..

එයත් දශමෙට තිතට නීතියට වැඩ කොරන කෙනෙක්. අධිකරණ වෛද්‍යවරියක්. හැබැයි පට්ට ආතල් එකේ ඉන්නෙ යාළුවොත් එක්ක. පිස්සු නටන්න ගිහිං දවසක් අපේ පූශ් ගෙන් බැනුන් අහලලු දෙන්න සෙට් වෙලා තියෙන්නෙත්. හී...... ඒ ඩබල නම් කියන්නෑ.

" අම්මේ ඔයා ආවද? මං හිතුවේ තව බොඩි එකකට වැඩේ හරි කියලා. "

ඒ යුංගි ඔප්පා.

" අනේ මේ... ආවා තමයි කොහෙද පේනවයෑ මේ පොඩි එකී පස්සෙ පන්න පන්න ඉද්දි "

කියලා නූරා ඔන්නි ගියෙ නැතෑ මගෙ ඔළුවත් අතගාලා ඔප්පටත් ගස්සගෙන. හනේ ඉතින් මොකට කියන්නද ? ඒ ගමන යුංගි ඔප්පා පස්සෙන් යනවා. හරිනෙ. අද dinner එක ගන්නවත් පහළට ආවොත් හොදයි. හීක්....

එක විකාර ගොඩක් කරලා අන්තිමට කොහොම හරි කට්ටිය කාල බීලා දොයිය ගත්තා. අහ් කිව්වා වගේම අර ඩබල ආවෙ නෑ අපි dinner ගද්දී. පස්සේ ආවෙ ඔප්පා ඔන්නිවත් වඩාගෙන මහ රෑ වෙලා අපි විකාර කරලා නිදා ගන්න යද්දි.

අර තුන් කට්ටුව නම් හොදට බයිට් කරා ඒ දෙන්නව. මායි හේසුයිත් නිකන් හිටියෙ නෑ...

Next day

අද අපිට ස්කූල් නිවාඩු දවසක් නිසා මායි හේසොයි ඔප්පලගෙ එහෙම හිටියා. ජියෝ ඔන්නිත් සති දෙකකින් විතර නිසා ටේ ඔප්පත් නිවාඩුවක් දැම්මා. යුංගි ඔප්පායි නූරා ඔන්නියිත් අද නිවාඩු දැම්මා අනිත් අයටත් නිවාඩු නිසා.

" කියූවෝ... පහළට යං බං බඩගිනීයි.... "

" හරි බං යං මගෙ මේ සූටි බණ්ඩියත් කැ ගහනවා... "

" ඇ - ඇයි බ- බං උබ....... "

යා.... මේ හේසුව නම්..

" පිස්සුද ඕයි මගෙ බඩේ පණුවො බොක්සිං ගහනවා. "

" අහ්. ඒක මිසක්... මං ඒත් බැලුව. "

ඒ ගමන මේකි මට කිංඩියට හිනා වෙනවා. හරි හිනා ඇති. මං තාම සූටි ළමයෙක්... හූම්...

අපි දෙන්නා කියව කියව පහළට ම ඇවිත්. අපි පහළට යනකොට සාලෙ ඉදන් දෙන්නෙක් වැඩිහිටියන්ට පමණයි දර්ශන පෙන්නනවා. වෙන කවුද ඉතින් ජූන් ඔප්පයි ෂියෑං ඔන්නියි. මෙතන උන් ඔක්කොම වැඩිහිටියො උනාට අපි දෙන්නා තාම සූටි නෙ. දෙන්නා කිව්වට මං විතරයි වගේ ඉතින්... හැබැයි කවුරුත් නෑ පේන්න.  නැත්තං ජින් ඔප්පා දැක්ක නම් එහෙම සෝස් පෑන් එකෙන් කන්න වෙන්නෙ මුන් දෙන්නට.

" ඒයි මොනාද බලන් ඉන්නෙ අහ්.. "







✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now