Jin pov~
ලූනා එහෙම කියන ගමන් මගේ අතකින් අල්ලගෙන මාව පරිස්සමෙන් වාඩි කරවගත්තා.. ඒ ඇස් වල තිබුනේ ආදරයක්.. හරියට මම ඔම්මගෙන් දකිනවා වගේ.. මේ මොකක් වෙනවද කියලා හිතාගන්න බැරුව මම ඈතෙන් පේන මුහුද දිහා බැලුවා...
ඈත පේන නිමක් නැති මුහුද වගේ මාත් කොහෙදෝ අතරමං වෙලා.. ඒත් ඇයි? මං දන්නේ නෑ..
-" මං හිතන්නේ ඔයා කාව හරි වැරදියට පටලගෙන මාත් එක්ක... මං ඔයා කියන ජින් නෙමෙයි.."
මං කිව්වේ එයා මං දිහා දිගටම බලන් හිටිය නිසයි..
-" මං කිව්වනේ ජිනී ඔයා අහිංසක වැඩී... අහන්නකෝ ඔයා ඒන්ජලස්ලා විශ්වාස කරනවද? "
-" ම්ම්හු.. හැබැයි මම දන්නවා ඒන්ජ්ල්ස්ලා වගේ මිනිස්සුන්ව.. "
මං කියද්දි ලූනා හිනා වෙලා මගේ ඔලුව අතගෑවා.. ඒ ස්පර්ශෙත් හරි උණුහුමක් දැනුනේ මට.. ඒ අතරේ මං සුදු පාට රැළි දිහා බලාගෙන කල්පනා කලේ එතනින් බේරිලා දුවනවද මේ පිස්සු කියවන කෙනාගේ කතාව අහනවද කියලා.. කොහොම උනත් මට මහ රෑ ගෑනු ලමයෙක්ව දාලා යන්න හිත දුන්නේ නෑ තනියෙම.. ඒ නිසා එයා කියන දෙයක් අහන් ඉඳලා විසදුමක් දෙන්න මං හිතාගත්තා.. මේක මට සාමාන්‍යයි.. ජූනාගේ ඉඳන් මම කුකීගෙත් ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන නිසා මම හොඳ සවන්දෙන්නෙක්..
-" මං කිව්වනේ දරුවෝ ඔයා අහිංසක වැඩි... දුවන්න හිතුනත් මං ගැන හිතලා නවතින තරමට ඔයා හොඳ වැඩී දරුවෝ..."
එයා මගේ හිත කියෙව්වා වගේ කිව්වා.. මං හිතන්නේ මගේ කට ඇරෙන්න ඇති ගොඩක් ලොකුවට.. එයා මං දිහා බලලා ඒකටත් හිනා උනා.. හැම මගුලටම හිනා වෙනවා.. මට කේන්ති යන්න එනවා.. මට සීතලයි
-" ඔ..ඔයා? ඔයා කොහොමද මං හිතුව දේ කිව්වේ? "
-" මං දන්නවා හැමදේම.. මට මගෙ පුතාව දැනෙනවා.."
ලූනා කියද්දි මං ආයෙම කොණ්ඩේ අවුල් කරගත්තේ ඒ වෙද්දිත් මගේ හිතට හුඟක් මහන්සි නිසා...ඒත් මං ලොකු හුස්මක් පිට කරලා කතාව අහන්න ලෑස්ති උනා..
-" මම ලූනා... සඳ දෙව්දුව..."
-" අර වෙයා වුල්ෆ් කතා වල ඉන්න කෙනාද? "
YOU ARE READING
SON OF THE MOON || Jin Centric ✔️
Fanfictionහදවත් සුවපත් කළ සඳවතක් ඔහු... 🌕♥️ Start Date - 03.12.2021 End Date - 14.01.2021 Fiction by Nim