FAREWELL

220 87 16
                                    

-" මොකද මම යන්නයි හදන්නේ..!! "

පහුවදා උදෙන්ම පීඩී නිම් සෝන්ග් එකට මෙලඩි දාලා හදලා තිබුනා.. ඒ වගේම දහය විතර වෙද්දි මාව ගන්න ආව වාහනේක නැගලා මම හයිබ් එකට ගියා.. මං හිතන්නේ අද දවසටම මම අනිත් හය දෙනා එක්ක කතා කලේ නැ..

මට ලැජ්ජයි.. මට හුඟක් ලැජ්ජයි..

මට ඒ අයට මූණ දෙන්න බෑ.. ප්‍රශ්න ගොඩක් මැද්දේ මම කලේ තවත් ඒ අයව ප්‍රශ්න වලට ඇදලා දාපු එක විතරයි.. මම යන එකෙන් හැමෝටම හොඳක් වෙයි..

-" ජින් ඔයා ඒක හොඳට කරලා... ගුඩ් ජොබ් කොල්ලෝ..! "

පීඩි නිම්ගේ කැබින් එකට ගියාම එයා මාව හග් කරලා කිව්වා.. තාමත් හේටර්ස්ලාගේ ප්‍රශ්න අඩු වෙලා නෑ වගේම මං ගැන ගිය කටකතා නැවතිලත් නෑ.. ඒක ඇත්තටම හරි අමාරුයි.. මං හිතන්නේ ලෝකේ තියෙන අමාරුම දේ වැරදි කටකතා අහන් ඉන්න එක වෙන්න ඇති..

පීඩී නිම් ඊලඟට මාව රෙකෝඩින් රූම් එකට එක්කන් ගිහින් ප්‍රොඩිසර්ව අඳුන්වලා දීලා එයා යන්න ගියා.. ඇත්තටම මේ වෙලේ පීඩී නිම් ඉන්න එක මට ලොකු දෙයක්.. ඇත්තටම මෙතන බෑන්ග් සී හ්‍යුක් කියන මනුස්සයා වෙනුවට වෙන කෙනෙක් හිටියා නම්.. මම දන්නේ නෑ.. අද සමහරවිට BTS ජින් කියලා කෙනෙක් නොහිටින්න තිබ්බා.. එහෙනම් මාව බෑන්ඩ් එකෙන් එලවලා දායි ඒ කෙනා..

උදේ ඉඳන් සෝන්ග් එකේ වැඩ කරලා ඒ සේරම ඉවර කරද්දි රෑ දහය විතර උනා.. ඇත්තටම මට තිබ්බ හදිස්සියට දවසෙන් සේරම කරගන්න පුලුවන් උනා.. මොකද මගේ බර්ත්ඩේ එකට තව දවස් තුනයි.. මම දන්නේ නෑ සින්දුවේ අඩුපාඩු තියෙනවද කියලා.. ඒ නිසයි මම ආමිලාගෙන් කලින්ම සමාව ඉල්ලපු ලෙටර් එකක් පීඩී නිම්ට දුන්නේ..

ආපහු ඩෝර්ම් එකට යන ගමන් මම පීඩී නිම්ගේ කැබින් එකට ගියා.

-" පීඩී නිම්... මට රික්වෙස්ට් එකක් තියෙනවා "

-" කියන්න ජින් "

-" මට අන්තිම වතාවට පවුලේ අය එක්ක ඉන්න දෙන්න පුලුවන් ද? තුන්වෙනිදට එයාලා එක්ක මම කැමතියි ඩිනර් එකක් ගන්න.. බෑන්ඩ් එකේ අයවයි පීඩී නිම්වයිත් මට ඒකට ඕනේ.. ඩෝර්ම් එක ඇතුලේ පුංචි ඩිනර් එකක්.. කමක් නැද්ද? "

SON OF THE MOON || Jin Centric ✔️Where stories live. Discover now