WE ARE IN A TROUBLE

276 91 18
                                    

Jin pov~

මං වෙරළේ ඉඳන් ආපහු හොටෙල් එකට ගියේ හීනෙන් වගේ.. මගේ හිත කියද්දි ඒ දේවල් විශ්වාස කරන්න කියලා මොලේ කිව්වේ ඒ හැමදේම මහන්සිය නිසා හිතේ ඇඳුනු දෙයක් කියලා.. ඒ උනත්.. අනේ මන්දා..

පහුවදා උදේ නැගිටිනකොට මං හිටියේ මගේ කාමරේ ඇඳ උඩ.. ඒත් මට මතකයි මම කවුච් එකක වාඩි උනේ.. හැබැයි මම ඉන්නේ ඇඳේම බව මට තේරුනේ මගේ රූම් එකේ සීලින් එක දැක්ක නිසා..

-" ම්ම්හ්.... ආශ්........!! "

මං ඇස් අරිද්දි දැක්කේ එයාගේ ඇඳ ගාව සුදුපාට ශීට් එකක් අස්සෙන් කළුපාට ඇස් දෙකකුයි නහයකුයි මගේ දිහා බලන් ඉන්නවා.. මම බය උනාට වඩා හූ තිබ්බා සීලින් එක උඩ යන තරමට.. නැගිටලා දුවන්න හැදුවත් බය උන පාර මම බෙඩ්ශීට් එකත් පටල ගෙනම ඇදන් වැටුනේ රෑ උනු දේවල් මගේ බය වැඩි කරපු නිසා..

-" හ්‍යුන්ග්? ඔයා හොඳින්ද? "

ඒ එක්ක ඇහුනේ කුකීගේ කටහඬ... මට ඒ ශීට් එකක් අස්සේ යකෙක් වගේ හිටියේ කුකී කියලා තේරෙන්න වැඩිවෙලා ගියේ නෑ.. ඒත් එයාට තිබ්බා අඩුම ගානේ සම්පූර්ණ මූණ පෙන්නන්න..

එහෙම නම් මම වැටෙන්නේ නෑනේ..!!

-" කුකී... මම බය උනා මනුස්සයෝ... උදේ පාන්දර කොහොමද මගේ රූම් එකට රින්ගගත්තේ? "

මම පස්සත් අතගගා නැගිටින ගමන් කුකීගෙන් අහද්දි කුකී ඇඳ උඩ වාඩි වෙලා බලන් හිටියේ මාව ගිලින්න වගේ නිකන්.. එහෙම්ම කුකී මගේ ලඟට ඇවිල්ලා මගේ ජැකට් එක ඉව අල්ලනවා වගේ එහෙට මෙහෙට දෙතුන් පාරක් ගිහින් ඉනට අත් දෙක තියාගත්තා..

-" හ්‍යුන්ග් ඔයා අපිට හොරෙන් එලියට ගිහින් බිව්වා නේද? "

-" අනියෝ... යහ් කුකී මට ඇත්තටම මතක නෑ.. මහ විකාර හීන වගයක් දැක්කා මං... "

මම කුකීට ලූනා ගැන, හඳ ගැන , මං ඊයේ බීච් එකට ගිය එක ගැන එක හුස්මට කියලා දාද්දි කුකී ආයෙම මං දිහා බලන් හිටියා.. ඒ මූණේ තියෙන්නේ මොනාද කියලා එවෙලේ මට අඳුරගන්න බැරි උනා.. කුකී හරියට ලෝකේ තියෙන අමාරුම ගාන ලැබිලා වගේ අහස පොලව ගැටගහන්න කල්පනාව.

-" නරක හ්‍යුන්ග්.. මං කිව්වනේ ඔයා බීලා.. එහෙම නැත්තං හ්‍යුන්ග් දැන් ඔයා වයස නිසා එදා ඔලුවට වැදුනු පාරට හ්‍යුන්ග්ට මොනාහරී වෙලා.. මං ගියෝ......"

SON OF THE MOON || Jin Centric ✔️Donde viven las historias. Descúbrelo ahora