අල්තාරය ලග දනගහගෙන මුමුණන ඒ කෙල්ලගේ, පැත්තට මූණේ අමුතු නිවුනු පෙනුමක් කොල්ලා මුල ඉදන්ම දැක්කා............මිනිත්තු පහලවක් විතර ඉදලා එතනින් ඒ කෙල්ල ගියපු ගමන් යුන්ගිත් නැගිට්ටේ ඩෝම් එකට යන්න වුනත් හිතපු නැති විදියට කොල්ලගේ කකුල එතන ගැට්ටක පැටලිලා යුන්ගි වැටෙන්න යන්නේ හීන් කෙදිරියකුත් එක්ක....ඒත් වැටෙන්න නොදී තමන්වම සමබර කරගන්න යුන්ගිට පුලුවන් වුනා..
"ඔයා හොදින්ද්?"
ඒත් එක්කම වගේ තමන්ගේ ලග හිටගෙන ඉන්න කෙල්ලව අදුරගන්න යුන්ගිට මහ වෙලාවක් ගියේ නෑ....
කලින් හරියට මූණ නොපෙනුනු ඒ කෙල්ලගේ හීන් දිගටි ඇස් කොල්ලගේ ඇස් සමග ගැටුනේ නොසීතූ විලසින්......
ඒ දිලිසෙන ඇස් වල කිසිම ආගන්තුක බවක් යුන්ගිට දැකගන්න නොලැබුණත් ඒ මූණේ අංග වගේම ඉරියව් යුංගිට පුරුදු බවක් ගෙනාවා...
නොදැනුවත්ව වුනත් ගැටුනු ඒ ඇස් නිසා යුන්ගිගේ හදවත අමුතුම තාලයකට ගැහෙන්න ගත්ත විදිය ගැන යුන්ගිට අමුතුවෙන් දෙයක් තේරුම් ගන්න තිබුණේ නෑ....
-it was love at the First sight----
ඒත් පලමු බැල්මෙන්ම ඇතිවන ආදරයක් ගැන විශ්වාස කරන්න පුලුවන්ද? ඒ පිළිබද යුන්ගිගේ හිත කෙසේවෙතත් මොලේ විශ්වාස නොකරපු නිසා හිතට ආපු සිතුවිල්ල, සිතුවිල්ලක් විතරක්ම කරලා දාන්න යුන්ගිගේ හිත තීරණය කලා..."ඔයාගේ කකුළ උලුක් වෙලාද?"
ආයෙත් ඒ කෙල්ලගේ කටහඩ ඇහුනු සැනින් යුන්ගි පියවි සිහියට ඇවිත් තමන්ගේ හිස දෙපසට වැනුවේ නෑ කියන්න...
ටික වෙලාවක් යුන්ගිගේ මුව ආවරණයෙන් නිරාවරණය වූ දෑස් දිහා බලන් හිටපු කෙල්ල ආයේ කතා කරන්න පටන් ගත්තා..."ඔයාට කතා කරන්න බැරිද?"
කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් යුන්ගි දිහා බලද්දී යුන්ගිට හිනා ගියේ කෙල්ල බලන් ඉන්න විදියට.....කෙල්ලටත් මුව ආවරණය තිබුණත් යුන්ගිගේ හිනාව එයාගේ ඇස් වලින් පෙනුනා..."ඒ කියන්නේ පුලුවන්ද?"
යුන්ගි ඔව් කියන්න තම හිස සෙලවූයේ කෙල්ල තමන්ගේ කටහඩ අදුරගයි කියලා හිතුනු නිසා නමුත් කෙල්ලත් එක්ක කතා කිරීමට ලොකු උවමනාවක් මොහු තුළත් පැවතියා.....

YOU ARE READING
* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
Fanfiction-love at the first sight?- Min Yoongi! -Nah..It was Love at frost sight!- 25.12.2021