"ආයිශ් ඒ කියන්නේ ඔයා කතා කරන්න පුලුවන් වුනත් කතා කරන්නෙ නැති කෙනෙක් එහෙමනේ? ඕඕඕ හරි...... Um kim Gyeo-wool "
ඒ කෙල්ල එහෙම හිනා වෙද්දී යුන්ගිගේ ඇස් තිබුණේ ලස්සනට වල ගැහෙන ඒ කම්මුල් වල...."Winter Angel........."
යුන්ගිටත් නොදැනීම කොල්ලගේ කටින් ඒ වචන දෙක පිටවුනේ ඇහෙන නොඇහෙන ගානටයි..."Huh??"
කෙල්ල යුන්ගි කියපු දේ ආයේ කියන්න වගේ බැල්මක් දාන් යුන්ගි දිහා බැලුවා..."Ummmm ආ මේ gyeoul කියන්නේ winter නේද?"
යුන්ගි එහෙම ඇහුවම කෙල්ල ආයේ ටිකක් වෙලා යුන්ගි දිහා බලන් හිටියා..."දේ........ඔය හොදට කතා කරන්නේ...
එතකොට ඔයා කවුද මිස්ටර්?"
තමන්ගේ නම අහද්දි යුන්ගිගේ හිතේ සැරි සැරුවේ තමන් මින් යුන්ගි කියලා දැනගත්තොත් මෙතන මොන කලබලයක්ද වෙයිද කියන එක.....
ඒත් කෙල්ලට බොරු කියන්න යුන්ගිගේ හිත කැමති වුනේ නෑ....."Yoongi.......Min Yoongi"
යුන්ගි බලාපොරොත්තු වුනේ කෑගහගෙන ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල දගලන එක වුනත් කෙල්ල හරිම ලස්සනට යුන්ගි දිහා බලන් හිනා වුනා......"ලස්සන නමක්..යුන්ගී..........."
කෙල්ල එහෙම කියන ගමන් පල්ලියෙන් එලියට ගියේ යුන්ගිත් ඒ පස්සෙන්ම එද්දී.......යුන්ගිට තාමත් ඒ කෙල්ලගේ හැසිරීම ගැන පුදුම හිතුනේ මෙච්චරකල් මුණ ගැසුනු කෙල්ලෝ තමන් ප්රසිද්ද මින් යුන්ගි යැයි දැන ගත් පසු විලාප නගමින් පිස්සු විදියට හැසිරෙන අයුරු මතක් වුනු නිසා...සමහර විට මේ කෙල්ල මින් යුන්ගිව නොදන්නවා ඇති...ලෝකප්රසිද්ධ මින් යුන්ගිව දන්නේ නෑ???? එහෙම නැත්නම් මුව ආවරණයට වැසුනු මුහුණ තවමත් ඇයට හදුනාගන්නට නොහැකි වෙන්න ඇති.......පල්ලියේ ද්වාරය අසල සිටගෙන මීදුමෙන් වැසී ගිය අහස දෙස බලා සිටින කෙල්ල ලග යුන්ගි හිටගත්තේ තම මුවආවරණයත් ඉවත් කරගෙනයි..
කෙල්ලගේ ඇස් යුන්ගි දෙසට යොමුවෙනවාත් සමගම යුන්ගි ඔහුගේ ඇස් අහස දෙසට රැගෙන ගියේ තම මුහුණ දිහා බලන් සිටින කෙල්ල දිහාත් ඇස් කොනින් බලමින්......."වේ.......මාව අදුරනවද?"
යුන්ගි තම දෑස් අහසින් නොගෙනම කෙල්ලගෙන් ඇසුවත් කෙල්ලගෙන් උත්තරයක් වෙනුවට ඊළගට නැගුණු ප්රශ්නය යුන්ගි මේ මොහොතේ බලාපොරොත්තු නොවූ එකක් විය....

YOU ARE READING
* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
Fanfiction-love at the first sight?- Min Yoongi! -Nah..It was Love at frost sight!- 25.12.2021