❄️Blizzard

102 35 19
                                        

"ඇත්ත කියන්න යුන්ගිශී ඔයාගේ ඇගේ රතු රුධිරාණු නැද්ද? එහෙනම් ඔයාගේ කැරපොත්තොන්ගේ වගේ සුදු ලේද තියෙන්නේ?
එහෙම නැත්නම් ඔයා කිරිමැටි වලින්ද හදලා තියෙන්නේ?"
කෙල්ල එහෙම නැත්නම් ජෝවුල් ඇස් දෙකත් ලොකු කරගෙන යුන්ගිගේ මූණ පුරා තමන්ගේ ඇස් යව යව අහද්දිනම් කොල්ලට හිනාව නතර කරගන්න බැරි වුනා...යුන්ගි කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ හැගීම් පිටට පෙන්නන්නේ නැති කෙනෙක් වුනත් කොල්ලටවත් තේරුනේ නෑ තමන් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා....

"ජීසස් ඔයාගේ හිනාව.........."
කෙල්ල එක එල්ලෙම බලන් කියද්දී තමයි යුන්ගිට මතක් වුනේ තමන් හැසිරෙන විදිය...

"ආ ම්ම්ම්..ම-න් දැන් යන්න ඕනී...පරක්කු වෙනවා..ම්හ්ම්ම්..."
යුන්ගි එහෙම කියලා පඩිපෙල් බැහැගෙන යන්න හදනවත් එක්කම ආපූ හිම කුණාටුව නිසා යුන්ගිව අඩි දෙක තුනක් පස්සට වුනේ තමන්ගේ පිටිපසින් සිටි ජෝවුල්ගේ ඇගේ වැදෙන ගමන්.............

"Ummm ඔයාට දැන්මනම් යන්න වෙන්නේ නෑ යුන්ගිශී......පේනවනේ හිම කුණාටුව.....එනවද මේ ටික පත්තු කරන්න?"
ජෝවුල් තම අතේ තිබුණු ඉටිපන්දම් ටික යුන්ගි දෙසට යොමු කලා....යුන්ගි එයට ප්‍රතිචාර වශයෙන් තම හිස උඩට පහලට සෙලවූයේ ජෝවුල්ගේ දෑස් සතුටින් දැල්වෙද්දී....

"කජා යුන්ගිශී....."

"යුන්ගි කියන්න......"

"මෝ?"
කෙල්ල පුදුමෙන් යුන්ගි දෙස බලද්දී යුන්ගි ස්තීර බැල්මක් දැම්මේ තමන් කියූ දේ කෙල්ලට නිසැකවම ඇසුන බව හොදාකාරවම දන්න නිසා..

"අහ් හරි....යුන්ගි...."
ජෝවුල් මුවේ සිනහවක් රදවගෙනම ඉදිරියට යද්දී ඒ පිටුපසින්ම යුන්ගිත් ඉටිපන්දම් දල්වන තැනට ගොස් ඉටිපන්දම් දල්වා අවසන් වනවාත් සමගම ඔරලෝසු කණුවේ ශබ්දය ඇසුනේ ඒ වන විටත් මධ්‍යම රාත්‍රී දොළහ වී ඇති බව මොවුන්ට පසක් කර දීමටය.....

ඔරලෝසු කණුවේ ශබ්දයත් එක්කම ජෝවුල් යුන්ගි දෙස බැලුවේ නැවතත් දෙන්නගෙම ඇස් එකට යාවෙද්දී...

"සුබ නත්තලක් යුන්ගි......"
ජෝවුල් යුන්ගිගෙන් තම ඇස් අහකට නොගෙනම එක එල්ලේ යුන්ගි දෙස බලා සිටියා..

"ඔයාටත් සුබ නත්තලක් ජෝවුල්...."
ඒත් සමගම යුන්ගිගේ ඇස් ජෝවුල්ගේ තොල් දෙසට ඇදුනේ අහම්බෙන් වුවද ඒ සීතලටම වියලුණු තොල් වලට උණුසුම් හාදුවක් දෙන්න යුන්ගිගේ හිතට සිතුවිල්ලක් නැගුණා...
ඒ නිසාම නැවතත් කෙල්ලගේ ඇස් දෙසත් තොල් දෙසත් මාරුවෙන් මාරුවට බැලූ යුන්ගි තමන්ගෙන් සිපගැනීමකට අවසර ඉල්ලන බව ජෝවුල්ට හොදින්ම වැටහුනු නිසා එයට පිළිතුර වශයෙන් තමන්ගේ ඇස් පියාගත්තේ ඒ සිපගැනීම උපරිමයෙන් විදීමේ බලාපොරොත්තුවෙන්..

* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now