❄️A Star above

116 32 5
                                    

නමින් මින් යුන්ගී වන මෙම තරුණයා දැනට දකුණු කොරියාව පමණක් නොව මුලු ලෝකයේම හදවත් දිනා ගැනීමට සමත්ව තිබූ bts නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විය...
නිහඩ චරිතයක් වුනු මොහුගේ සිනහව බොහෝ විට තම සොහොයුරන් ඉදිරියේ පමණක් දක්නට ලැබුණා...
පීනන්නට තරම් මුදල් වලින්ද යාන වාහන වලින්ද අඩුවක් නොතිබුනු ජිවීතේ කොල්ලට සමහර වෙලාවට හිසරදයක්ම විය....ඒ තමන් හොයන නිදහස ඒ ජිවීතේ තුළ නොතිබුනු නිසා..
කැමරා වට කරගත් මිනිස්සුන්ගෙන් පිරුණු ස්තානවලට වඩා නිස්කලංක පරිසරයක් තිබුනු පල්ලියට යුන්ගිගේ හිත හුගක් ඇලුම් කලා......

නත්තල....... හැමෝම කැමති තමන්ගේ පවුලේ අයත් එක්ක නත්තල සතුටින් ගත කරන්න...ඒත් හැමෝටම ඒකට වාසනාව තියෙනවද? යුන්ගිටනම් ඒක හිතලුවක්ම විතරයි..ඒත් එක ලේ වලින් නොබැදුනත් තමන් වෙනුවෙන් පණ වුනත් දෙන්න සූදානම් සහෝදරයෝ ටික තමන් එනකන් බලන් ඉන්නවා කියන සිතුවිල්ල නිසාම පැය දෙකක් පමණ කාලයක් පල්ලියේ රැදී සිටි යුන්ගි ඉදන් හිටපු තැනින් නැගිට්ටේ ඩෝම් එකට යන්න වුනත් පල්ලිය ඇතුලට කවුරුන්හෝ පියමනිනවා ඇසුනු නිසා හුන් තැනම ඉදගත්තේ ඒ එන පුද්ගලයා කවුරු වුනත් තමන්ව අදුරගයි කියලා දැනුනු නිසා...........

යුංගිට දැකගන්න ලැබුණේ තමන්ව පසුකරගෙන අල්තාරය දෙසට යන කලු දිග ගවුමකින් සැරසුනු කෙල්ලෙක්ව..................... පල්ලිය තුළ තමන් සහ ඒ කෙල්ල පමණක් සිටියත් යුංගිගේ හිතට නැගුනු අලුත් හැගීම කොල්ලටවත් තේරුම් ගන්න පුලුවන් වුනේ නෑ.....
අල්තාරය ලගට ගොස් සිටි කෙල්ල වටපිට විපරම් කරන බව යුංගි දැක්කත් යුංගිට කලබල වෙන්න හේතුවක් නොතිබුණේ මේ වෙද්දිත් පල්ලිය ඇතුල අදුරු ව තිබූ නිසාත් පිටුපසම සිටින යුංගි කලු පාට වස්ත්‍රයකින් සැරසී සිටි නිසාවෙනි.....

* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now