❄️Mistletoe

98 33 15
                                    

යුන්ගිත් කෙල්ලගෙන් ලැබුණු අවසරයත් සමගම ජෝවුල්ගේ ගෙල පිටුපසට එක අතක් රැගෙන ගොස් ඇයව තමන් දෙසට ඇදගත්තේ නොතේරෙන හැගීම් පිරුණු දීර්ඝ සිපගැනීමකට මුල පිරීමට වුවත් එකවර නාද වූ ජෝවුල්ගේ දුරකතනය ඔවුන්ගේ සිතුවිලි වලට බාධා කලේ නොසිතූ ලෙසින්........

"කි-කියන්න ඔම්මා...."

".........................."

"ම්ම් මේ එනවා...විනාඩි පහෙන් ඔතන..."
එකවර යුන්ගිගෙන් ඈත් වුනු ජෝවුල් යුන්ගි ඉදිරියේ දෙකට තුනට නැමුනා..

"මි-යානේ.......යුන්ගි මන් දැන් යන්න ඕනී....ආයෙත් දවසක හම්බවෙමු..."
ජෝවුල් කියූ සැනින් එතනින් දිව ගියේ සැනකින් සිදු වීමට ගිය දේ පිළිබද යුන්ගි නැවතත් කල්පනා කරන අතරේය...
තමන් කරන්න ගිය දේ වැරදී කියන සිතුවිල්ලට වඩා ආයේ කවදාක හෝ ජෝවුල්ව මුණ ගැසේද නැද්ද යන සිතුවිල්ල සමග නම පමණක් දන්නා ඇයව කවදාක හෝ සොයාගත යුතු බව ගතවූ තත්පර කිහිපය තුල යුන්ගිගේ හිතේ තදින්ම සටහන්ව තිබිනි.....

.......................................

"යාහ්....මෙච්චර වෙලා මොනාද කලේ?"
යුන්ගි ඩෝම් එකට ඇතුලු වනවාත් සමගම ජින්ගේ කන්කලු නාදය යුන්ගිට ඇසුනේ යුන්ගි එනකන් ජින් මගරැකන් හිටපු නිසා...ඒ වන විටත් රාත්‍රී සාදය අවසන්ව තිබූ නිසා යුන්ගිගේ හිතට නිදහසක් දැනුනේ මිනිසුන් ගැවසෙන ස්තාන වල සිටීමට ඔහුට ඇල්මක් නොතිබුනු නිසා...

"මේන් රෝඩ් එක හිම නිසා බ්ලොක් වෙලා..ඒකයි පරක්කු වුනේ හ්‍යුන්ග්....."
යුන්ගි එසේ පවසා තම කාමරය දෙසට යාමට සැරසුනත් හොබී යුන්ගිව නතර කර සාලයේ සිටි අමුත්තන් දෙසට යුන්ගිවත් ඇදගෙන ගියා..

"හ්‍යුන්ග්.........එන්නකෝ ඔයාට කෙනෙක් අදුරලා දෙන්න අපේ ජූනිගේ ඔම්මවනම් දන්නවනේ මේ ඉන්නේ එයාගේ නංගි...."
හොබී කියූ සැනින් යුන්ගි දුටුවේ පල්ලියේදී තමන්ගේ හිත හොරාගත් ඒ කෙල්ලවයි....

"මෝ.....ජූන්ගෙ?"
යුන්ගි පුදුමයෙන් එය මිමිණුවත් ජෝවුල්ගේ හැසිරීම පුදුම සහගත වුනේ නෑ....

"හායි යුන්ගි ඔප්පා...මම කිම් ජෝ-වූල්...
ඔයාව දකින්න ලැබුණු එක සතුටක්..."
කෙල්ල තම හිසත් පහළට කර පල්ලියේ කිසි දෙයක් නොවුනු ගානටත් යුන්ගිව නොදන්න ගානටත් හැසිරුනු එක යුන්ගිට පුදුමයක් විය..

" ඔම්මා කිචන් එකට ගිහින් ජින් හ්‍යුන්ග්ට පොඩි හෙල්ප් එක්ක දෙන්නකෝ.."
නම්ජූන් එසේ කියූ පසු හොබී සමග ඔම්මා එතනින් පිටත් වුනේ ජූන්,යුන්ගි සහ ජෝවුල්ව සාලයේ මැද තනිකරලා..
ජූන් තාමත් බිම බලන් ඉන්න කෙල්ල ලගට ගොස් ඔලුවට ටොක්කක් ඇන්නේ කෙල්ල කෑගහන් ඔලුව උස්සද්දී..

"රංගනේ තාත්විකයි....ඔය දෙන්න එහෙනම් නිදහසේ කතා කරගන්නකෝ...ආහ්හ් හ්‍යුන්ග් මේකිගෙන් පරිස්සම් වෙන්න හොදේ...."
ජූන් යුන්ගිටත් ඇහැක් ඉගිමරා එතනින් පිටව ගියේ ජෝවුල්ගේ රැවුම් මධ්‍යයේය....
යුන්ගි හැගීමක් නැති දෑස් වලින් ජෝවුල් දෙස බලා සිටියේ 'මෙතන වෙන දේ පැහැදිලි කරන්න' යන බැල්මෙනි...

"කියන්නම්.......එලියට යමුද?"
යුන්ගිගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම කෙල්ල ඩෝම් එකෙන් එලියට ඇවිත් මීදුමෙන් වැසී ගිය ගාඩ්න් එකේ තිබුනු බංකුවක ඉදගත්තේ යුන්ගිත් එතනට පැමිනෙද්දී..

* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now