![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. යූෂින්, ආං උඹේ කළු කෙල්ල එනවා ...
ජපන් බසින් කෑ ගහන කොල්ලෝ රෑනක් ඔයාව වට කරගෙන... කියවනවා... මට පේනවා.
මං දන්නවා. අපි කොච්චර වෙනස්ද
සුදුම සුදු ඔයා....මං දුඹුරුයි... පාටින් විතරද හැම දේ අතින්ම අපි වෙනස් . අපි ආස දේවල් අපි ආදරේ දේවල් තැන් පවා වෙනස්.. ඒක හරියට වෙනස් ග්රහලෝක දෙකකින් ආපු දෙන්නෙක්ට හුස්ම ගන්න වෙනස් වායූ ධාරාවන් එකම තැනින් හොයා ගන්න වෙනවා වගෙ.ඒ හැමදේම අතැරියොත් අපි දෙන්නටම පොදු එකම එක දෙයක් ඉතුරු වෙනවා.අපි දෙන්නම එකම එක එකම එක දේකට වෙනසක් නැතිව ආදරේ කරනවා... මම ඔයාට... ඔයා මට.."Hi welcome here"
ටෝකියෝවෙ පොත් සාප්පුවක අතරමැද අතරමං වේලාවක ඒ ඇස් දෙක මුල්ම පාරට මුන හැහෙද්දී...ගුරු පාට අත්කොට ෂර්ටය.කලුම කලු විනිවිදින හිනී ඇස් ... හිම වගේ සුදුම සුදු ..පිනි වගේ සුවද...
"Hi"
මම වෙව්ලනවා....
ඒ මේ උදේ හීතලට ද ? ආගන්තුක ඔයා හින්දද මම දන්නෑ."මොනවද හොයන පොත්.මම උදව් කරන්නද?"
ඉංග්රිසී බසින් ඔබ අමතනවාමං උත්තර නැතිව ගොළු වෙනවා.
"මං දැක්කා ඔයා සෑහෙන වෙලාවක් මෙතන ඉන්නවා.ඇත්තටම මම වැඩ කරන්නෙ මෙතන.
ඒකයි ඇහුවේ"
හදිසි අපහසුතාවයෙන් මාව මුදවන්න සෑහෙන්න ලොකු උත්සහයක්..."ආහ්...මම...මේ.." මගේ වචන පැටලෙනවා. මේ හැමදේම අලුතින් මට දැනෙන්නෙ ඇයි
ඔයා නම් හරිම ලස්සනට හිනා වෙනවා ....
"ඔයාට ඕන තරම් වෙලා පොත් හොයනත් පුළුවන්...සාප්පුව වහන්නේ රෑ අටට"
මම ආය තනිවෙනවා..ඒත් මෙතනින් එබුනම ඈත කැශියර් එකේ කොනේ පුටුවකට බර වෙලා පොතක් කියවන කළු ඇස් කොල්ලව මට පේනවා.... නන්නාදුනන රටක කාත්කවුරුවත් නොදන්න මට මහ තනිකමක හීන් වේදනාවක් පපුව ඇතුලෙන් කැකෑරෙන හැටි දැනෙන්න ගන්නවා... එක පැත්තක ඔයා.. අනෙක් පැත්තෙ "පිටවෙන්න" කියලා නාම පුවරුවක් සවි කරපු ලී දොර...

YOU ARE READING
OCean eyEs
Short Storyමා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️