මේක හරි කරදරයක් අහස්. ටික ටික මැරෙන එක හරි කරදරයක්. මම දන්නවා ඔයා මට කවදාවත් සමාවක් දෙන එකක් නැ කියලා . ඒත් මෙහෙම ටික ටික මැරෙන එක පණ යන වැඩක්.
අහස් ඔයාට මතකද මම ඔයාට මම දැකපු හීනයක් ගැන කිව්වා. මම හොදටම ඇඩුවේ. කව්රුත් ළග හිටියේ නැහැ. මම තනියම අඩලා දවල් වෙලා හිතත් හදාගෙන ඒ හීනේ ගැන ඔයාට කිව්වම ඔයා හොදටම හිනා වුනා.
" තමුසෙට පිස්සුද ? "
ඔයා ඒක අමතක කරලා දාන්න ඇති. හැබැයි මට එහෙම කරන්න බෑ. මොකද මම ඒ හීනේ නැවත නැවතත් දකිනවා.
මරණය කියන හැගීම කොයි වගේද මම දන්නැහැ. ඒත් මම හීනෙන් දකින කළු ඇදගත්ත උස මනුස්සයා දිගින් දිගටම මාව දෙනියේ ලිද ලගට අරගෙන යනවා. කොයි වෙලාවක හරි මම මැරිලා යයි කියන බය එක්ක ජීවත් වෙන එක හරි වෙහෙසකරයි.
ඔලුවේ විකාර පුරවගෙන කියලා ඔයා කියයි. ඒත් දැන් හීනෙන් විතරක් නෙවෙයි ඒ උස මනුස්සයා මං ලගට එන්නේ . මම හිතනවා ඔයා මාව තේරුම් ගනි කියලා .
අහස්....
ඔයා මාව නැවත දකින එකකුත්, ඔයාට මාව නැවත ඇහෙන එකකුත් නැති වෙයි. මේ ඉන්ජෙක්ට් එකෙන් මාව ටික ටික හැබැයි ඉක්මනට මරණය කරා අරන් යන බව මම දන්නවා . සමහර වේදනාවන් දරාගෙන ජීවත් වෙනවට වඩා මරණය මං තෝරගන්නේ ඇයි කියලා ඔයා අහාවී. එකට මට දෙන්න තියෙන්නෙ සරල පිලීතුරක්...
ටික ටික මැරෙනවා කියන්නෙ පණ යන වැඩක්
.
.
.
.
.
සමාප්තයි" ජිවිතය අතහැරීම ? "
YOU ARE READING
OCean eyEs
Short Storyමා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️