"ඔයා මාව ජෝක් එක්කට ගත්ත ද"
උඹ අහනවා.
මම පිස්සෙක් වගේ හිනා වෙනවා.මට මාවම කන්ට්රෝල් නැහැ.විකාර..."මාව මොකෙක් වගේද ඔයාට පේන්නේ සෙත්.." මම අහනවා...
ඉදුණු රැවුල් ගස් ඇද ඇද කේන්තියෙන් ඔරවන ඇස් ගින්දර තියාගෙන නිවෙන්න හදනවා.වචනයක්වත් නොකීවට මම දන්නවා.උඹ නපුරුයි.
"සෙත්...මම හිනාවෙන්නේ මට.ඔයාට නෙවෙයි"
උඹේ ඇස්....
මම දන්නවා...
උඹට මාව sure නැහැ...."සෙත් ඔයා දන්නවද?"
මම දිග හුස්මක් අරං හීමිට උඹේ අත් අතර පැටලෙන්න හදනවා.උඹ ගලක්.තනිකරම...
"මට ආදරෙයි කියලා කව්රුත්ම කියලා නැහැ"
උඹ දැන් මං දිහා බලයි,දැං මං දිහා බලයි...නෑ...වෙනස් වෙන්නෑ...ඒ ඇස් එහෙමමයි.මං හිමිහිට ඒ උරහිසට බර වෙනවා.කාත් කව්රුත් නොදන්න රටක දුර නිල් අහස මට හිනාවෙනවා.ඔච්චමට..
"සෙත්,මං ගොඩක් සිරියස් කෙල්ලෙක්"
උඹ පිළිගන්නැතිම දේ.මට කමක්නැහැ.
"මේ පරණ ප්රංශ විදී,තිත්ත කළු කෝපී,උස තාප්ප,දිග පාට ගවුම් ඇදන් කැරකි කැරකි නටන ගෑනු,උන්ට නටන්න වයන පිරිමි,දුවන පොඩිඑවුන්,දිග බුට් සපත්තු,සීතලට අදින ලොකු ස්වීටර්,උණුම උණු හිම පියලි,ලස්සන දේවදාර ගස් මුදුන් කොටින්ම මුළු ප්රංශෙම මට අලුත්.හැමතැනම මගේ හීන පිරිලා.පැනපු ගමන් බදන ආගන්තුක අත්,උණුහුම් කරන දර පෝරණු,කොහෙන්ද ආවේ අහන මිත්රශීලි හිනාවල්.. ඒ හැමදේකටම වඩා ලස්සනම දේ මොකක්ද කියලා ඔයා දන්නව ද.... ඔව් ඒ ඔයා....."
මට දැනෙනවා...
උඹ වේගෙන් ගන්න හුස්ම නාස් පුඩු අඟ වැදෙන හඬ..."කව්රුත් මට ආදරෙයි කියලා නෑ කියන දේ ඔයා පිළිගන්නෑ . මං දන්නවා සෙත්. ඔයා දන්නවා හැමදේම ලංකාවේ දාලා කාත් කව්රුවත් නැති නොදන්න දීපංකරේකට මං ආවෙ මට හැමදාම අහුවුනේ නැති ජීවිතේ පොඩි අගක් හොයාගෙන කියලා"
කතා නැති තප්පරක්...
" හැමදාම හැමෝටම ඕනෙ උනේ මාව කසාද බැදගන්න විතරයි . ආදරේ කරන්න නෙමෙයි . මාව කසාද බැද ගන්න . ඇයි ඒ සෙත් ? ඇයි ? ...ආදරේ කරන්න තරම් මං පර්ෆෙක්ට් නැද්ද ?"
උඹ තාම එහෙමමයි...මම හිමීට ඔලුව උස්සලා උඹේ කම්මුල් ඉඹිනවා.තප්පරේකින් පංගුවකටවත් ගැස්මක් නැති උඹ ටිකෙන් ටික නිවෙන ඇස් වලින් මං දිහා බලනවා.
"සෙත් "
"හ්ම්ම්"
මං අහනවා.
"මට ආදරෙයි ද ? "උඹ .... හිමීට මගේ අත් එකට ගුලි කරගන්නවා ...
"ඇයි ඔයා මාව බඳින්න බෑ කියන්නේ ?"උඹ අහනවා.
"ඔයා මට ආදරෙයි ද?"
මම ආයෙමත් අහනවා.කෙටි හුස්මක්.තාම ඒ ඇස් ඇතුලේ තිතක් තරමේ නලියන ගිනිදැල් මට පේනවා.
"මම දන්නෑ ".... උඹ අන්තිමේ කියනවා .
මම උඹ අස්සෙ උණුහුමේ ගුලි වෙනවා .
"මම දන්නෙත් නෑ" ඒ උණුහුමේ ගුලි වෙච්ච මං කියනවා.
.
.
.
.
.
සමාප්තයි" ආදරේට භාශාවක් නැහැ "
ආදරේ කියන්නෙ ආදරේට...
YOU ARE READING
OCean eyEs
Short Storyමා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️