දික්කසාදය

39 9 1
                                    

හිතවත් නුවන්,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතවත් නුවන්,

ඉකුත් වසර පහළොව පුරාවටම අප කතා කළ අතළොස්සක් වන වචන කිහිපයට අමතර තව වචනක් දෙකක් මෙසේ එකතු කරන්නට මම කැමැත්තෙමි. ඔබ හා මා අතර වන ලියාපදිංචි විවාහය හේතුවෙන් අප එක වහළක් යට ජීවත් වන්නට පටන් ගෙන හෙටට අව්රුදු පහළොවකුත් දවසක් වන්නට යෙදේ. නුඹ මා අතිතන ගත් දා නිමවී මෙතරම් දීර්ඝ කාලයක් නම් ගතව ඇතිදැයි මම කල්පනා කරමි. කෙසේ වෙතක් මා මේ ලියමන ලියන්නේ අව්රුදු පහළොවකුත් දවසක් පුරාවට කල්පනා කල එකම සිතුවිල්ල පිළිබඳ ඔබට දැන්වීම ය.

දයාබර නුවන් . මම ඔබේ බිරිද  වීමට පෙර වෙනත් අයෙකුට පෙම්වතියක්ව සිට ඇත්තෙමි. ඔහු හා මා නිතර වාද කරගෙන රණ්ඩු සරුවල් ඇති කර ⁣ගෙන අමනාප වී දින සති ගනන් ගෙවීමටත්, අනතුරුව නැවත එක්කාසු වීමටත් පුරුදු වී සිටි⁣ බව මම නුඹට මීට පෙර කිසිදාක පවසා නැති බව මම දනිමි. නුඹ මගේ අතීතය පිළිබදව අසා නැත. මා සහ ඔහු අතර සම්බන්ධ බොහෝ කාලයක් මෙම රටාවෙන් පැවති බවත් අනතුරුව ඔහුට රිදවීම පිණිස මට ඔබව යොදාගන්නවා  හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති වූ බවත් මින් දන්වන්නට කැමැත්තෙමි.

නුඹ හා ගෙවන ජීවිතය එතරම් සාමකාමීව පළමු  මාස කිහිපය ගත කර ගැනීමට මට හැකිවීම පිළිබද  මම යම් තාක් දුරකට තෘප්තිමත් භාවයකට පත්ව සිටියෙමි. මම ඔහුව සම්පූර්ණයෙන්ම අමතක කොට ඔබ හා සාමකාමී විවාහ ජීවිතයක් ගෙවීමට හිත හදාගනිමින් සිටියෙමි. නමුත් මුල් අව්රුද්දක් අවසානයේ නුඹේ අති සාමකාමී දිර්ඝ නිහඩතාවය මා තුළ යම් කුකුසක් වර්ධනය කරමින් දළුලා වැඩෙන්නට පටන් ගත් බව මා ඔබට මෙතරම් කාලයක් ගත වීමෙක් අනතුරුව පැවසීමෙන්  ඵලක් නැති බව දනිමි.

අපගේ පළමු විවාහය සංවත්සරය දා මා හිතා මතාම නුඹ ඉතා ප්‍රීය කරන අළු බදුන බිද දැමුවෙමි. ඉන් නුඹ කෝපයට පත්ව ඔහු මෙන් මට බැන වදිනු ඇතැයි මම සිතුවෙමි. නමුත් නුඹ ඉතා ඉවසිලිවන්තව කටයුතු කරනු දැකීම මා හද පාරන බව ඔබට කිව යුතුව ඇත.

නුඹ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ බලු පැටවාගේ මරණයට මා වගකිව යුතු බව ඔබ නොදන්නවා විය හැකි  ය. තවද නුඔගේ දෙමාපියන්ගේ පින්තූර ගිනි අවුළුවා විනාශ කිරිමට උත්සහ කලේ මා  විසිනි. නුඹ එවරද කිසිදු ලෙසකවත් කෝපයට පත් නොවීය. අපේ පලමු දරුවා ගබ්සා කොටගෙන එය  ගබ්සාවක් ව බවට  පෙන්වා නුබව රවටා ගත්තේ මාය. ඒ  ගත් දෛරයෙන් අපේ දෙවන දරුවාටද උපත ලබා දීමට පෙර නුඹට විවිධ චෝදනා නගමින් ඒ ඔස්සේ දරුවා ගබ්සා වන්නට හැර නුඹට උපරීම පිළිකුලක් දනවන ස්ත්‍රීයක් වීමට මම කල උත්සාහය ව්‍යයර්ථ වී ඇත.

ඉතින් මේ පහ⁣ළොස් අව්රුද්ද තුළම නිවසේ විටින් විට වන ගිනිගැනීම් හා බිද වැටීම් , අතුරුදන් වීම්
ආදි සෑම කඩාකප්පල් කාරි ක්‍රියාවක් කෙර මගේ සෘජු දායකත්වයක් විය. එයින් බොහෝමයක් කුමන්ත්‍රණ මා විසින් කළ ඒවා බව මේ ලිපිය මගින් ඔබට දැන ගැනීමට හැකි වනු ඇත.

මා මේ සියල්ල සිදු කලේ නුඹ තුල වන යක්ෂයා පිටස්තර ලෝකයට ගෙන ඒම කෙරේය. නමුත් මා තවමත් අසාර්ථක වන අතරම ඔහුගෙන් පහර කෑ දිනවල ශරීරයට හා මනසට දැනෙන වේදනාව සහ පසුතැවීමුත් හා වන ගූඩ සිතුවිලි නොමැති වීම මා කෙරෙ මහත් කළකිරිමක් ඇති කරනු ලබයි. මේ වසර පහළොවම මට මහා නීරස කාලයකි. මට අවැසි වේදනාවන් විද අවසානය තෙක් ජීවත් විමට වන පිපාසය බව ඔබ දැනගත යුතු ය. වේදනාව මා හට ජීවත් වීමේ බලාපොරොත්තුවේ ආලෝකයයි.

ආදර නුවන්, මේ සමගම ඇත්තේ දික්කසාදය සදහා වන ලේඛන කිහිපයකි. ඉදිරි කටයුතු මාගේ නිතීඥ මහතා නුඹට දැනුම් දෙනු ඇත. නුඹ අසාමාන්‍ය ලෙස ඉතා ගුණයහපත් නිහඩ මිනිසෙකි. නමුත් නුඹ හා වන ජීවිතේ මට මහත් පිඩාවක් සහ ජීවතාශාව නැති කරලන්නක් බව මම කනගාටුවෙන් යුතුව දන්වමි.

මම අවසානය තෙක් උත්සාහ කලෙමි. නුඹට දෙවි පිහිටයි.

මීට
අයෝමා

.
.
.
.
.
සමාප්තයි

OCean eyEsWhere stories live. Discover now