යෝචිහුගක් තුවාල වෙලයි හිටියේ.ඔහුගේ මුහුනේ පිලිස්සුම් තුවාල තිබුනා.
ලයිනින් ඒ මොහොතේ මල් උයනෙ හිටියේ.ඇයට ඇසුන කුමක් හෝ පහලට වැටෙන හඩ.ඇය ටිකක් කලබල උනා.😟😟 ඒත් ඒ ශබ්දයේ රහස සොයා ගැනීමට උමනා උනා.යෝචිට ඇහුනා කව්රුන් හෝ තමන් සිටින දිශාව එන බව.යෝචි ඉක්මනින් සුදු පාට නයෙක් බවට හැරුනා.
ලයිනින් ඔහුව දැක බය උනත් 😓ඒ සුදු පාට නයා තුවාල වී සිටිය නිසා ඇය තීරණය කලා ප්රතිකාර කරන්න.ඇය බයෙන් නයාව අතට ගත්තා.
ඇය ඉක්මනින් දුව ගියේ නිවස වෙතය.
"මම කොහෙන්ද මෙයාව තියන්නේ? ආ මෙතනින් තියමු" ලයිනි තමාටම කියා ගත්තා.
"මෙයා මාව මොකටද කූඩුවකට දැම්මේ.ඒයි මාව එලියට ගන්නවා."
ලයිනින් කූඩුව ලගට ආවා.යෝචි බොරුවට හෙල්ලෙන්නැතුව ඉදියා.
ලයිනින්ට තේරුම් ගියා මේ සුදු නයා බොරුවක් කරන්නේ කියලා.
"ඔයා මට දශ්ට කරන්නැත්නම් මම ඔයාව එලියට ගන්නම්"
ලයිනින් සුදු නයාව එලියට අරන් ඇද උඩින් තිබ්බා.යෝචි හිමිට ඇදිලා ගිහින් ලයිනින්ගෙ කොට්ටේ උඩට ගියා.
"ඒයි ' ඔය මගේ කොට්ටේ. මේකට එන්න.මේක ඔයාගේ තැන." ලයිනින් රෙද්දක් ගුලි කරලා යෝචිට පෙන්නුවා.
යෝචි හිමීට ඇදිලා ඇවිත් රෙද්දට ආවා.
ලයිනින් ඔහුට නමක් තිබ්බා.සොබායි කියලා.ලයිනින් සොබායිට බෙහෙත් දැමීමට ගියත් සොබායි ඊට ඉඩ දුන්නෑ.
ඒත් ලයිනින් කොහොම හරි කරලා බෙහෙත් දැම්මා.ලයිනින් කෑම අරගෙන ආවා.
සොබායිට බිත්තර පෙන්නුවත් සොබායි අහක බලා ගත්තා.ඒ බැලුව පැත්තෙ තිබුන මල් පෝච්චියක් වැටුනා.
ලයිනින් ඒක බලලා එනකොට සොබායි එතන හිටියේ නෑ.එයා ඊට පල්ලෙහා කෑම මේසේ උඩයි හිටියේ.ලයිනින් දැක්කා සොබායි මොකක්ද ඉගි කරනවා.
සොබායි ලයිනින්ගේ කෑම සේරම කාලා.
"ඔයා,ඔයා මගෙ සේරම කෑම ටික කෑවද? කමක් නෑ දැන් කෑම වෙලාව ඉවරයි.දැන් නිදාගන්න වෙලාව.මම බිම නිදාගන්නම්.මොකද" ලයිනින් එතනින් කතාව නැවැත්තුවා.
ලයිනින් බිම නිදා ගත්තා.රාත්රියේ යෝචි තම මිනිස් ස්වරූපයට හැරුනා.
"ඇයි මෙයා මාව ආරක්ශා කරන්නේ. යෝචි කල්පනා කරා.
යෝචි ඊලගට කුමක් කරයිද?😰😰 ඊලග කොටසින් !!!
YOU ARE READING
White Snake Demon
Fantasyඩ්රැගන් ඩෙමෝන් සහ වයිට් ස්නේක් ඩෙමෝන් සටන ....!!! මේක මගේ පලවෙනි story එක. මගේ මේ ස්ටෝරි එකට ලැබෙන කමෙන්ට් වෝට්ස් ගනණ අනුව තමයි මම මේක නවත්තනවදව් ඊලග කොටස් දෙනවද කියලා තීරණය කරන්නේ. කැමති අයට පුලුවන් මගේ ස්ටෝරි එකට අදහසක් දෙන්න.මේක බලලා හොදයි නම්...