lets get it

13 3 1
                                    

මම මගෙ බෙල්ලෙ දාගෙන හිටිය මාලෙ ගලවලා හොරාගෙ කකුල් දෙක ලගට විසි කරනවත් එක්කම මූ මාව තල්ලු කරගෙන ගිහිල්ලා බිත්තිය තද කලා .. එහෙමම සාක්කුවෙන් මොකක්ද මන්දා එකක් අරගෙන මගෙ නහයට තියලා තද කරනවත් එක්කම මට හැමදේම බොද වෙලා ගිහින් බිමට වැටෙනවා දැනුනෙ ලොකු වේදනාවකුත් එකක්
______________________________________

  Next day morning...
    
        අම්මෝ මගෙ ඔලුව ... පැලෙන්න වගෙ .. ඇස් දෙකවත් හරියට ඇර ගන්න බැ අම්මොයීයා.... පුලුවන් විදිහට ඔලුවත් අල්ලගෙන නැගිටිද්දිම මගෙ අතින් තද කරලා කව්රැ හරි අල්ලගෙන..කෑ ගහලා අඩනවා ඇහුනා . ඒ ඇඩිල්ල මට කොහෙදි හරි හොදට අහලා හුරැයී.. ආ...හ් ඒ යොන්හා.. ම්ම්.. එතකොට මම මෙ ඉන්නෙ .. මගෙ කාමරෙද .. ඇස් දෙක ඇරිය ගමන් පොඩ්ඩක්  බොද වෙලා පෙනුනත් ටික වෙලාවකට පස්සෙ මම ඉන්න තැන අදුරගන්න මට අමාරැ උනෙ නෑ...

ආ.යීශ් මෙ යොන්හා කෙල්ල මොනවද මොනවද මන්දා අඩ අඩා කියවනවා මට තේරෙන්නෙත් නැ .. මෙ ඇඩිල්ලටම මගෙ ඔලුව කැක්කුම වැඩි වෙනවා .

ඔලුව..??   රිදෙනවා ?? ඒ.. මම කොහොමද ගෙදර ආවෙ... මට හොරෙක් හම්බුනානෙ .. හොරාට දුක හිතිලා මාව ගෙදර ගෙනත් දැම්මද...

"යොන්හා..යොන්හා  අඩන එක නවත්තනවකො .. කියනවකු මම කොහොමද ගෙදර ආවෙ කියලා " ඒක ඇහුව විතරයි මෙ කෙල්ල ඉකි ගගහා අඩන්න ගත්තා.. ඉකි ගගහා කියන එවුවා මට තේරෙන්නෙත් නෑ..

" මි..මිස්හ් ආහ්වෙ  ජේ වොන්ග් සර්ත් එක්කහ්..."

" ජෙ...?? ජෙ වොන්ග් ?? ඒ කියන්නේ කව්ද යොන්හා ?"

" අනෙහ් ..මිස් ම්ස්ට  ජෙ වොන්ග්  සර්වත් මතකහ් නැ ද් ද ? ඒ ම්ස් ගෙ අයියා.. අයියා කිව්වට.හ් මාමාගෙ පුතාහ්..."

හත්තික්කෙ මට එහෙම කෙනෙකුත් ඉන්නවද ?? මම දන්නෙ නැනෙ.. කොමහරි    යොන්හා ඉකිගගහා කියවද්දී මට එ ටිකනම් අහගන්න පුලුවන් උනා..

ඒත්  එක්කම තව වැඩ කරන කෙල්ලෙක් අපි දෙන්නා හිටිය කාමරෙට ඇවිල්ලා  . මොකක්ද මන්ද මෙයාලගෙ භාෂාවෙන් කියලා ගියා.  කියලා එයා යනවත් එක්කම  තව කොල්ලෙක් ඇතුලට ආවා . මම මිට කලින්නම් මෙයාව මෙහෙදි දැකලා නැ .ගාඩ් කෙනෙක්ම් වෙන්න බෑ .ඊට වඩා හොද ලස්සන පෙනුමක් මෙයාගෙ තිබ්බෙ. එ කොල්ලා කිසිම බයක් නැතුව කෙලින්ම ඇවිල්ලා මම හිටිය ඇදෙන්ම එහා පැත්තෙන් ඇවිල්ලා වඩි වෙලා එයාගෙ අතින් මගෙ කම්මුල මිරිකන ගමන් මොකක්ද මන්දා ඇහුවා. මම එකපාරට ගැස්සිලා යනවා දැක්ක හින්දද මන්ද එයා මගෙ මුන ඇල්ලුව අත එහෙමම ආපහු පැත්තකට අරගෙන මම දිහා මහ අමුතු  විදිහකට බලන් හිටියා ..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

love is far away ..💝🍁🌻Where stories live. Discover now