ඔලුවත් අතගලා ජිමිනා යන්න ගියා .
" ආහ්.. මම ගිහින් ආවාම අරක ගෙන කතා කරමූ"
______________________________________
ගිහින් ඇවිත් කතා කරමුයි කිව්වට මොකක් ගෙනද දන්නැ කතා කරන්න න්න යන්නෙ . මම දැන් දවස් දෙක හමාරක් විතර ඉදන් කතාව ඇතුලෙ හිර වෙලා ඉන්නෙ තාවම චැප්ටර් එක ඉවර වෙන්න තරම් කිසිම දෙයක් මගෙ අතින්වත් වෙන කෙනෙකුගෙ අතින්වත් උනෙ නැ . මම මෙ කතාවෙ ඉන්න එක චරිතයක් නිසා කතාව කියවනවා වගෙ අනික් කෙනා මොනවද හිතන්නෙ ,මොනවද කරන්න යන්නෙ කියලා දැන ගන්න විදිහක් නැ .එහෙම දැන ගන්න ඕනෙනම් මම කතාවෙන් එලියට ගිහින් ඕතර් දාන අලුත් චැප්ටර් එක කියවන්න ඕනෙ .හ්ම්ම්.... එහෙම කරන්නත් ඉතින් මෙකෙන් එලියට යන්න එපැයි .මෙ දවස් දෙක හමාරම මම හිටියෙ කාමරෙන් ලිවින් රූම් එකට , ලිවින් රූම් එකෙන් කිචන් එකට , කිචන් එකෙන් රූම් එකට සංචාරය කර කර කියන්න වරදක් නෑ අර මාත් එක්ක හිටිය ලේඩි මගෙ පස්සෙන්ම හැම තැනටම එනවා . ආහ් එයාගෙ නම දැන් මතකයි . එයාගෙ නම යොන්හා .
කාමරෙ අස්සෙ ඉදලා එපාම වෙලා නිසා මම යොන්හවත් අඩගහගෙන එලියට ගියෙ ගාර්ඩ්න් එකෙ පොඩ්ඩක් ඇවිදින්න හිතාගෙන . ඇත්තමයි මෙ ගාරිඩ්න් එක මාරම ලොකූ එ වගෙම මාරම ලස්සනයි . දවසම උනත් මෙතනට වෙලා ඉන්න පුලුවන් . හැමතැනම යොන්හා ත් එක්ක ඇවිදලා ඇවිදලා අන්තිමට අපි දෙන්නා ආවෙ අර එදා තාරාපැටියා තුවාල වෙලා වැටිලා හිටිය තැනට .. අනෙ එතන තවමත් තනකොල වල රතු පාටට ලෙ බින්දු වැටිලා තියෙනවා. එයා එදා රැ මෙච්චර දුරක් තනියම මොකට ආවද මන්දා... එක අතකට ජීමීනා නැතුවත් පාලුයි වගෙ ... මම එතනම බිමින් ඉදගෙන පොන්ඩ් එක දිහා බලාගෙන හිටියෙ ආපහු ගෙදර යන විදිහසක් හිතන ගමන් .
" ආ...හ් අම්මා ඕනෙ.." මම එක හිතුවා මිසක් කියන්න ගියෙ නැ කියන්න ගියානම් මෙයාලා හිතන්නෙ මට පිස්සු කියලා .
මට මෙ ගෙදරින් පොඩ්ඩක් එලියට යන්න තිබ්බනම්.. ආ.න්න මරැ අයිඩියා එක අද අර ඇන්ටිත් නැ කොහෙද ගිහිල්ලා.. ආහ් යොන්හා කිව්ව විදිහට ඇන්ටිගෙ නම චෝයි .. මිස් චෝයී ..
" ඒහ් යොන්හා " මම එකපාරට කිව්ව විදිහට මගෙ ලගින් හිටගෙන හිටිය යොන්හා ගැස්සිලා ගියා . හරිම කියුට් අප්පා.. වෙලාවකට මෙයාටත් ආදරෙ හිතෙනවා . හී ..හී
YOU ARE READING
love is far away ..💝🍁🌻
Romancewe meet ..❤ but he is far away form me 😔 but we talk 😊 ( what u feel when u go in to fanfiction) Don't copy 🙏