ඇයි මැණික උබව මන් එදා දාලා ගියේ.... උබ යන්න එපා එපා කියලා කෑගහද්දි ඇයි මැණික මන් දාලා ගියේ. ඇස් වල කදුලු පුරවන් මන් කලුවරට බයයි බෝබෝ, මගෙ හිතට හරි නෑ කියද්දි ඇයි මැණික මන් උබව දාලා ගියේ.
.
.
.
.
.
.
.
.
.
.
ඒත් උබ දන්නවද රත්තරං.මන් එදා ගියේ උබට මගෙ හිතේ තිබුණ හැගීම් කියන්න. ඔව් මන් උබට ඒ වෙනකොටත් ආදරේ කරන්න පටන් අරං රත්තරං.මේ පව්කාරයා උබට ආදර්‍ර කලා මගෙ පණ.උබ නොදන්නවා උනාට උබේ හිනාව ඇතුලෙ, උබෙ දිලිසෙන ඇස් අස්සෙ මන් ජීවත් උනා රත්තරං.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මන් උබ ආසම ලිලී මල් පොකුරක් අරං ආවේ. මට මැවිලා පෙනුනා උබ ඒවා දැක්කම පොඩි ලමයෙක් වගේ දගලන හැටි.ඒත්....... උබට ආදරෙයි කියලා මගේම කරගන්න ගෙනාපු ලිලී මල් පොකුර අන්තිමට මට තියන්න උනේ උබේ සොහොන උඩින් නේ මැණික. ඇයි..... ඇයි රත්තරං මට එච්චර ලොකු දඩුවමක් දුන්නෙ.. ඇයි කියපං රත්තරං.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උබව විනාස කරලා තිබුන හැටි දැකලා මට හීල්ලුනා රත්තරනේ. උබව උන් පොඩි කරලා දාලා තිබුනා. මගෙ ලිලී මලේ පෙත්තෙන් පෙත්ත උන් ගලවලා දාලා තිබුනා පණ. මගෙ ඇස් කොච්චර පව්කාරද උබව එහෙම් ලේ විලක් මැද දකින්න තරං. ඒත් උබ මන් එනකනුත් හුස්ම අල්ලං හිටියෙ කොහොමද රත්තරං.....
.
.
.
.
.
.
.
.
.උඹ මට එච්චරට ආදරෙයි ද ? මගෙ පපුවට උණ්ඩි වෙලා අමාරුවෙන් හිටියත් මන් ආදරෙයි මගෙ මහත්තයො කියලා ඇස් පියාගත්තෙ ඇයි මැණික. ඇයි මාත් මගෙ මැණිකට ගොඩක් ආදරෙයි කියනකං හිටියෙ නැත්තෙ...ඇයි කියපං....කතා කරපං යකෝ. කතා කරපං මගෙ රත්තරං.
𝓓⇝
KAMU SEDANG MEMBACA
Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fiksi PenggemarShort Chaptets !! - ℭ𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢𝔡 The Day I finished - 01/05/2022 Sri Lanka's First Short chapter Yizhan Fanfiction 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐅𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝑾𝒓𝒊𝒕𝒕𝒆𝒏 𝒃𝒚 𝓓⇝