"මිස්..මේ ඔක්කොම ගන්නවද.."
"ඔව්..."
කවුන්ටරේ හිටිය කෙල්ල යකෙක් දැකලා වගේ ඉද්දි බිල් එක ගෙවලා අමීශා එලියට ආවා...
Amisha pov....🖤
"එක්ස් කියුස් මී..."
මොකෙක්ද හිපාටුවෙක් මට ඉස්සරහ ඉදන් කෑ ගහනවා...මට කවුද කියලා පෙවුනෙ නෑ...ඔව් ඉතින් අයිස් පෙට්ටි ටික උසයිනේ..
"එස්කිඋස් නෙමේ...අයින් වෙලා මට පාරෙ ඉඩ දෙනවා..."
"ඕකේ..."
ආවේ මොකා උනත් මට අයින් වෙලා ඉඩ දුන්නා...කටහඩ අහලා පුරුදුයි අෆ්ෆා...අර පාර්ක් එකේදි හම්බුන කොල්ලාවත්ද...කෝකටත් හැරිලා බලන්න මම හිමිට අනික් පැත්ත හැරුනා...🙂අයිස් පෙට්ටි ටිකත් එක්ක මම සෙත්තපෝච්චි...අපිව වැටෙන්න නොදී අල්ල ගන්න අහවල් එකෙක්‍යැ..මම ඔලුව උස්සලා බැලුවා..ආ..මේ ඒ පුරුස පරානේ තමා..
"ඔයා වැටුනද...සොරි..එන්න.."
නික් මාව නැගිට්ටවද්දිත් මම කල්පනා කරේ මූ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා...මම ඕන තරම් කොල්ලො දැකලා තියනවා...ඒ එකෙක්වත් මේ වගේ අහින්සක නෑ..
"ඔයා අයිස් කඩයක් දාන්නද යන්නේ.."
මම කල්පනා ලෝකෙන් මිදුනේ එයා මගේ අයිස් පෙට්ටි ටික කාර් එකක් ඇතුලට දාද්දි..
"ඒයි ප්‍රෙතයා..මගෙ අයිස් ටික හොරකං කරන්නද යන්නේ.."
"න්..නෑ..."
"එහෙනම්.."
"ඔයාට මේ ඔක්කොම උස්සන් යන්න අමාරුයි...මම ඔයාව ගිහින් දාන්නම්.."
"ආ...ඒකද...තෑන්කිව් බ්‍රෝ..."
.නික් කට අරින්නත් කලින් මම කාර් එකට නැග්ගා. ...ඇබරි ඇබරි නැලවි නැලවි තොදොල් වෙන්න මට බෑ...අනික නික් මට හෙල්ප් එකක් දෙන්න කතා කරද්දි මම මොකද බොරු සෝබන දාලා වැඩ වරද්ද ගන්නෙ....කොල්ලො කියන ජාතියට මම පොඩ්ඩක්වත් බය නැ...මකරු ජල රකුසො එක්ක ෆයිට් කරලා පුරුදු මට කොල්ලො කියන්නෙ සෙල්ලම් බඩුවක්....
එයා කාර් එකට නැගලා මම කිව්ව පාර දිගේ ඩ්‍රයිව් කරන්න ගත්ත...
කාර් එකේ සුවද මම හොදට වින්දා...මට දැනුනේ රෝස මලක සුවදක්...වයිට් ෆෙයරීස්ලාට ආවේනික රෝස සුවදක්...ඒත් නික් වයිට් ෆෙයරි කෙනෙක් නෙමේ..
"නික්..මේ කාර් එක කාගෙද..."
"මගෙ..."
"මේකේ යන්නෙ කවුද..."
"අ...මම ..තව වෙලාවකට අයියා..."
"කාවද මේකේ දාන් යන්නේ..."
"දැන් නම් ඔයාව...ඔයා සීඅයිඩීද.."
"නෑ...මේ කාර් එක රොස සුවදයි..ඒකයි ඇහුවෙ.."
"මට නම් එහෙම එකක් එන්නෙ නෑ...සමහර විට...ෆෝරීගේ පර්ෆියුම් එකක්වත් හැලෙන්න ඇති.."
"ෆෝරී???"
"හ්ම්..මගෙ යාලුවෙක්.."
"ආ...මේ මගෙ ගෙදර..මාව දාන්නකෝ..තෑන්ක්ස් ගිහින් දාන්න ආවට..."
ගෙදරට ටිකක් දුරින් මම කාර් එකෙන් බැස්සා...ෆෝරී වයිට් ෆෙයරි කෙනෙක් කියලා සැක කරන්න පුලුවන්..නික්ගේ අයියාවත් ටිකක් සැකයි...ඒත් එයා නික්ගෙ අයියානේ...නික් ෆෙයරි කෙනෙක් නෙවෙයිනේ...අනේ මන්දා...
කෝකටත් පොඩ්ඩක් හොයන්න ඕන...🙂🕸️🕷️ මකුලු දැලුත් බැදිලාද මන්දා...
YOU ARE READING
Dark Fairy ✔️✔️
Randomපික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...එයාගෙ ඇදුම් ඔක්කොම කලුයි..." "ඇයි...කලු කියන්නෙ නරක පාටක්ද.." "ඔව්..අදුරු පාටක්..." ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆...