🖤8

252 50 8
                                    

අත් වැසුමෙ සුදු පාට මුතු ඇටයක් අමුනලා තිබුනා...සුදු පාට මුතු ඇට...ඒක වයිට් ෆෙයරිලා අනතුරු අගවන සලකුන...මම දැන් පෙරලි පෙරලි අඩලා වැලපිලා බෑ...මේ අත්වැසුම් දෙක තමා එයා ලුහුබදින්නේ...

මම අත් දෙක එකතු කරලා අදුරු ශක්තිය එක් කර ගත්තා...

ƃsnʞ loɥpʎ ʌɐǝnı ŇØβΔΔŁ ƤβV...

එකපාර ලෝකය වේගෙන් කැරකුනා අත් මේස් දෙක එක පාර උඩට ගියා ..
ආය ඔක්කොම සන්සුන් උනා....

හරි...දැන් අත් මේස් දෙක මම කලින් හිටිය ගෙදර...මම අලුත් ගෙදර...හැබැයි වැඩි දුරක් නෑ...මොකද මම හොයන දේ තියෙන්නේ මේ නගරෙමයි...
වයිට් ෆෙයරි මාව හොයා ගත්තා කියන්නේ එයා එයාගේ රෝස සුවද වලක්ව ගන්න මොකක් හරි කරන්න ඇති....

මට තියන්නේ සීමිත කාලයක්...

එක පාර මගේ ෆෝන් එක බෙරිහන් දෙන්න ගත්තා..ඔව් මට ෆෝන් එකක් තියනවා...මෙහෙට ආවා නම් මෙහෙ විදිහට ඉන්න එපැයි...
නික්...එයා විතරයි ඉතින් මට කෝල් කරන්න ඉන්නෙ.

"හලෝ නික්...."

..............

"හෙට..අද..."

.................

"ඔයා මාව ගන්න එන්න එපා...මම අලුත් තැනක ඉන්නේ....බස් හෝල්ට් එක ගාවට එන්නම්..ඔයා එතෙන්ට එන්න.."

............

"මම ඔයාට කිව්වා නික්...මම පික් පොකට් ගහන්නේ කන්න බොන්න නැතුව නෙමේ..."

පෝන් එක තියල මම ගියෙ අල්මාරිය ගාවට....නික්ගේ අයියාගේ බර්ත් ඩේ පාටියට තමා එන්න කිව්වෙ...එයාගේ අම්මලාට මාව බලන්න ඕන කිව්වලු...මොකද මීට කලින් නික් යාලුවෙක් කියලා ආශ්‍රය කලෙ එයාගේ අයියාගේ යාලුවා ෆෝරීව විතරලු...නික් ඇත්තටම හරි අහින්සකයි...නිකම් එයා වගේ....


@ bus station ...

මම බස් හෝල්ඩ් එකට යද්දි එතන කාර් එකක් නවත්තලා තියනවා...එන්න කිව්වෙ දහයට දැන් දහයයි කාලයි.

"අමිශා...ගෙදර ඔරලෝසුවක් නැද්ද..."

"තියනවා..."

"ඇයි පරක්කු උනේ.."

"කෙල්ලොනෙ..ඩාම් වෙනවා ඩූම් වෙනවා..."

නික් මුකුත් අහන්න කලින් මම කාර් එකට නැග්ගා..කලු ඩෙනිමයි බ්ලවුස් එකයි අදින්න මහ වෙලාවක් ගියාද ඇහුවොත්...දහයට නැගිටලා දහයයි කාල වෙද්දි මෙතෙන්ට ආපු එකම මදිද...හුම්...මම දස්සයා..

නික් එක්ක යද්දි මාර කම්මැලියි...සද්ද බද්ද නෑ ....ගල් ගිල්ල එකෙක් වගේ...

කෝම හරි එයාගෙ ගෙදරටත් ගියා...😁 මම කලිනුත් ගියානේ ඉතින්...ඒ නිසා ගේ ගැන විස්තර ඕන නෑ





🙂🙂🙂💫

Dark Fairy ✔️✔️Where stories live. Discover now