1🖤

560 73 19
                                    

වැල්වටාරම් ඕන නෑ..මම අමීශා වයස විසි දෙකයි..ජොබ් එක පික්පොකට් ගහන එක...ඔව්..මම ඒක තමා කරන්නේ...ඒත් ඒ වෙන ලොකු හේතුවකට...මගේ ගෙදර තියෙන්නේ පොලව යට...ඒක සියල්ල සපිරි තැනක්...මම ඇත්තටම කවුද....ඒක දැනගන්න කතාව කියවන්නම වෙනවා..





🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Author pov.

අමීශා වෙනදා වගේම නගරේ ප්‍රසිද්ද තැනකට වෙලා හිටියේ පෝසත් මිනිස්සුන්ගේ පර්ස් වලට විදින්න...එයා සල්ලි ගන්නෙ නෑ...තමන්ට ඕන දේ නොතිබ්බොත් ආය ඒ පර්ස් එක ඒ මනුස්සයටම යවනවා...
අමීශා සෙල්ලක්කාර කෙල්ලෙක්...අහින්සකකමක් ගෑවිලාවත් නෑ..

Amisha pov...

ශිට්...මේ මගුල ඇදන් පැයක් තිස්සෙ මෙතන....තාම මම හොයන ජාතියෙ එකෙක් ආවේ නෑනේ...මම හොරවැඩ කරත් මෝඩ නෑ...කලු ඇදලා ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියොත් මිනිස්සුන්ට ඉක්මන්ට නෝට් වෙනවා...අනිත් කෙල්ලො වගේ රෝස පාට කොට ගවුමක් ඇදලා ලොකු හැට් එක දා ගත්තම හරි...
අහ්..අන්න කොල්ලෙක්...

වෙනදා වගේම මම ඒ කොල්ලාගේ එහා පැත්තෙන් ගියේ කලිසම් සාක්කුවේ තිබ්බ පර්ස් එකට තට්ටු කරගෙන...අදට එක දඩයමක්වත් කරගත්ත එක ලොකු දෙයක්...

ඒ කොල්ලා මුකුත් නොදැන කාර් එකට නගිද්දි මම කට කොනින් හිනාවක් දාන් ගියේ මගේ ගෙදරට....නගරය කොනේ තියන මුඩුක්කු වලටත් ටිකක් එහා දිරච්ච ගහ යට තමා මගේ ගෙදර...

අරිද්දි කුරු කුරු ගාන දොරත් ඇරන් ඇතුලට ගියා...පහල තියන ටිකක් ඉස්සුනු ලීය හයියෙන් ඇද්දම තියෙන්නෙ පඩිපෙලක්...හ්ම්..
ඒ මගේ නියම ගෙදර...නිකම් හොටෙල් රුම් එකක් වගේ...

"අහ්...අදත් එක පර්ස් එකයි..."

රෝස පාට ගවුම අයින් කරලා සුපුරුදු පරිදි මම කලු කිට් එකට මාරු උනා...මුලු ගේම කලුයි...විනිවිද පේන මල් වාස් එකේ කලු රෝස මල් පොකුරයි...කලු මම ආසම පාට..මගේ පාට..

මම ගැන ඇත්තම කිව්වොත්...මම ඩාර්ක් ෆෙයරි කෙනෙක්...ඔයාලා හිතන්නෙ නපුරු කෙනෙක් කියලානේ...කලු පාට ඇයි හැම වෙලේම නරක පැත්තට ගන්නේ...කලු කියන්නෙ ගොඩක් විශේශ පාටක්...සුදු පාට ඇදන් මිනිස්සු කරන වැඩ එක්ක බැලුවොත් සුදු කියන්නෙ ඒ තරම් හොද පාටක් නෙමේ...

මම පර්ස් එම අරන් මේසෙන් ඉදන් පර්ස් එකේ මට ඕන දේ තියනවද බැලුවා..

සල්ලි නෑ...
ෆොටෝස් නෑ..
ක්‍රෙඩිට් කාඩ් නෑ...
පොඩි කොල කෑල්ලක් තියනවා...

සොරි...ඔයාට ගන්න තරම් සල්ලියක් මේකේ නෑ...

මොකක්..මම මේ තරම් කල් මේ වැඩේ කරන් ගියා...මෙහෙම ලැජ්ජාවක්..මොකාද මේ නසරානියා..මම හොයන කෙනාමද...

මොනා උනත් මේකේ අයිති කාරයට හොද පාඩමක් උගන්නන්න ඕන...













🖤Happy new year🖤

😙😊

අමිශා මොනා කරයිද...
මොනා උනත් ඒ අසරන කොල්ලා පව්..

Dark Fairy ✔️✔️Where stories live. Discover now