🖤11🖤

225 50 11
                                    

"අමීශා...ඔයාට මේ රෑ තනියෙන් යන්න බෑනේ...මම ඔයාව ගිහින් දාන්නද.."

පාර්ටිය ඉවර උනාම නික් ඇහුවා...
මම ගෙවපු හොදම දවස අද...පවුලක ආදරය මට දැනුනා...නික් ජේක් දෙන්නාව සහෝදරයන්ට වඩා යාලුවෝ දෙන්නෙක් වගෙයි මට පෙනුනේ...ෆෝරී...එයා හරි අමුතුයි...

"හ්ම්...කමක් නෑ..."

මම ලාවට හිනා වෙලා කිව්වා...

ගෙදර කට්ටියටම සමුදීලා මම නික්ගේ කාර් එකට නැග්ගා...

"ඉතින් අමීශා....අද දවස කොහොමද..."

"මරු...මම සතුටින් ගෙවපු හොදම දවස...එකම දවස..."

ඒ එක්කම මොකෙක්ද සතෙක් කාර් එක ඉස්සරහට පැන්නා...ඒ සතා පැන්න විදිහට නික්ට කාර් එක නවත්ත ගන්න බැරි උන නිසා එයා බ්‍රේක් ගැහුවේ සතාව හැප්පිලා ටික දුරක් ගිහින්..

"අහ්..මොකෙක්ද ඒ පැන්නේ ..."

නික් බය වෙලා කාර් එකේ දොර ඇරන් එලියට පැන්නා...මොකක් හරි දෙයක් වෙන්න යන්නෙ කියලා මට හීනෙන් වගේ තේරුනා...

නික් මගේ අතින් ඇදගෙන සතා හැප්පුන තැනට ගියා....එතකොටයි මම දැක්කේ...අපි ඉන්න තැන...මගේ පරන ගෙදර...සතා මොකාද කියලා නොබලා දිග කල්පනාවක ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දි නික් මගේ අත තද කරා...

"අ...අමීශා....මෙ...මේ මොකෙක්ද..."

මමත් සතා මොකාද බලන්න එබුනා..දෙයියනේ..

සතා හැප්පුන නිසා උගේ සුදු ලෝම වල සුදු පාට දියරයක් තිබ්බා...ඒ...ලේ...වයිට් ෆෙයරිලාගේ වෘකයෙක්...ඒ නිසයි උගේ ලේ සුදු පාට...සුදු බූල් උගේ මුලු ඇගේම...දත් නිකම් පිහි තුඩු වගේ මුවහත්..

"මූ තව ටික වෙලාවක් මෙතන හිටියොත් මුගේ ලේ සුවදට අනිත් උන් එයි..."

"අමීශා...මේ මොකෙක්ද..."

"අ...නික්...පොඩ්ඩක්..අහක බලාගන්න.."

නික් අහක බැලුවද නොබලා මම වෙස් මාරු කරන්න ගත්තා...පාලු පාරේ කවුරුත් නැති එක මට ලොකු අවස්තාවක්...

මගේ කෙස් ගහේ ඉදන් තදම තද කලු පාටෙන් වැහුනා...ඒ එක්කම මගේ ඔලුවෙන් නලලට වැටෙන ඔටුන්නක් මැව්නා මගේ ඇග යුද ඇදුමකින් වැහුනා...උල් කටු තියන සපත්තු මගේ දනහිස් දෙක තරම් දිගයි...මගේ එක අතක ලොකු කඩුවක්...
මම ඒකෙන් සුදු පාට වෘකයාගේ බෙල්ල කදෙන් වෙන් කරා...අදුරු සුරගනකගෙ කඩුවකින් අවසන් ගමන් යන හැම අලෝක ජීවියෙක්ටම වෙන දේ එයාටත් උනා...ඌ දූවිල්ලක් උනේ බිම තිබ්බ සුදු පාට දියරය අතුරුදහන් වෙනවත් එක්කමයි...ඒ එක්කම ඌව වැදිලා කාර් එකේ ඇති උන පලුද්දත් නැති උනා...මම මගේ තද කලු පාට ලොකු පියාපත් වේගෙන් එහෙ මෙහෙ කලේ වෘකයාගේ අලු සුලගේ පා කර හරිමින්...


"අ...අ...අ..අමී...ශා.."

හුටා...නික් අහක බලන් නැද්ද...ඉවරයි..මම ආය සාමාන්‍ය තත්වෙට ආවේ නික්ට මොනාද කියන්නෙ හිත හිත..

"නි..නික්..."

"අමීශා...ඔයා මොකෙක්ද..."

"මම...මම...ෆෙයරි කෙනෙක්..ඩාර්ක් ෆෙයරි කෙනෙක්..."

මම බලාපොරොත්තු උනේ නික් මාව පිලිකුල් කරයි කියලයි...කලු පාට...අදුරේ පාට...මූසල බවේ..පාලුවේ පාට...දුශ්ටයන්ගේ සංකේතය..

"එතකොට අර සතා..."

"වෘකයෙක්...."

"අමීශා...මට A-Z කියන්න..."

"හ්ම්...මට ඔයාට ඒක නොකියා ඉන්න බෑනේ දැන්..."

මම ඇස් පියා ගත්තේ අදුරු අතීතේ එක්ක තිබ්බ සොදුරුම මතකය...මගේ මැට්ටො දෙන්නාගේ මැටි හිනාව මතකයට නගා ගන්න ගමන්..








🖤 කලු පාට...
🖤 මම දකින විදිහට...
🖤 පිරිසිදුම පාට...
🖤 මොන දේ උනත් අපිරිසිදු නොවෙන..

Dark Fairy ✔️✔️Where stories live. Discover now