ඒ...කැරපොත්තෙක් නෙමේ...කලු පාටට හුරු නිල් පාට සමනලයෙක්....ඒ සමනලා එයාගේ කොන්ඩෙ පාටමයි..ඒත්...මේ දේ කරන්න පුලුවන් එයාට විතරයි....
"අමීශා...අමීශා..."
නික් මගේ පිටිපස්සෙන් ඇවිත් හිට ගෙන මගේ උරහිස් වලින් මාව එයාගේ පැත්තට හරව ගත්තා...
"මේමයි..දැන් ඔයා අයියා එක්ක ශොපින් යන්න ඕනේ...කොහොම හරි රෑ වෙනකල් ඉන්න බලන්න...මම කෝල් එකක් දුන්නම එක්කන් එන්න...ඕකේ..."
"ඕකේ...."
මම නික්ට ඇහැක් ගහලා ගෙට යන්න යද්දි ජේක් කලු පාට සන්ග්ලාස් දෙකක් දාන් ජැකට් එකකුත් අතින් අරන් ආවා..
"අමීශා...ශොපින් පාරක් දාමුද.."
"අනිවාරෙන් අයියේ.."
"අයියෝ මැට්ටි...අයියා කියන්න එපා..මගෙ නම ජේක්....ජේ....ක්..හරිද.."
"හරි ජේක්..."
ජේක් හිනා වෙලා මගේ කරට අත දා ගද්දි මාත් ආපිට එයාගේ කරට අත දා ගත්තා..
"දෙන්නා ගියාට කමක් නෑ....පරිස්සමින්."
"බය වෙන්න එපා කොල්ලො මම ඔයාගේ යාලුවාව කන්නෙ නෑ..."
"මට තියන බය ඒ කෙල්ල තමුසෙව කයිද කියලයි..."
නික් කිව්ව දේට මම හිනා වෙන්නද...අඩන්නද....ඒ දෙන්නා හැසිරෙන විදිහ මට අතීතේ මතක් කරා...එදා ඒ දේ නොවෙන්න අද මම මෙතන නෑ....මම එයා කිව්ව දේට එකග උනා නම්...මම එයාට ආදරේ කරා...ඒත් මට ඒක කියාගන්න හයියක් තිබ්බේ නෑ...එලියට ගොඩක් ශක්තිමක් කෙල්ලෙක්...ඇතුලිනුත් මම එහෙමයි...ඒත් ආදරේ කියන තැනදි මම අසරනයි....
මගේ දෙමව්පියෝ මට පුලුවන් උපරිමයෙන් ආදරය දුන්නා....ඒත් ඒ දෙන්නාට රාජ්ය පාලන කටයුතු එක්ක මාව මග ඇරුනා ...මම ඒ නිසා තමා පොඩි කාලෙ ඉදන් ආයුද අතට ගත්තේ....අද මුලු සුරගන මිටියාවතේම දක්ශම සටන්කාරිය විදිහට මම පත් උනේ එහෙමයි...
ආදරය මට ලැබුනේ මගෙ මැට්ටො දෙන්නාගෙන්..ඒක යාලුකමක්...ඒත් ..."අමීශා...බහින්නෙ නැද්ද..."
මගේ මනෝපාර එතනින් එහාට ගෙනියන්න නොවුනේ ජේක්ගේ කටහඩ බාදා කරපු නිසා ...අපි ශොප් එකකට ඇවිල්ලත් එක්ක...මම මේතරම් ලොකු කල්පනාවකද හිටියේ...
"ඇව් ඇව්...සොම්බියා වගේ කාර් එකට නැගලා බූතයෙක් වැහිලා වගේ ඔලුව ශටර් එකට තියන් ආවේ..."
"ඔයාට මම හිතපු දේ ඇහුනද..."
"අයියෝ...ඇමියො....මීට පස්සේ ටිකක් සද්දෙ අඩු කරලා හිතන්න..."
"ඇමී????"
"අමීශා කියන එක හෙන දිගයි අෆ්ෆා...."
මම ජේක්ට රවාගෙන කාර් එකෙන් එලියට බැස්සා....
ජේක් එක්ක දවස ගත කරොත් අනිවාරෙන්ම ලේ ටික පිරිසිදු වෙනවා....ඒ තරම් පිස්සු කෝලමක්...ශොප් එකේ ඉන්න කෙල්ලොන්ටත් ඇස් ගගහා පිස්සු නටනවා....ඒ කෙල්ලොත් කටවල් ඇරන් ඉන්නෙ...මේකත් ඉතින් හැන්ඩියානේ...
කොහොම නික්ගේ අයියා උනාද මන්දා...මගේ ෆෝන් එකට මිස් කෝල් එකක් ආවේ රෑ අටට විතර....
"ජේක්....ෆෝරිට අසනීප වෙලා.."
මම කිව්වම ජේක් අයිස්කීම් එක කකාම කතා කරන්න ගත්තා..
"ඉතින්...එයාට මොනා උනත් මට මොකෝ..."
එයා කිව්වේ කිසි ගානක් නැතුව..
"ෆෝරිට නෙමේ.....ෆෝරී කෝල් කරලා කිව්වා නික්ව පඩිපෙලෙන් වැ....."
මට කියන්න පුලුවන් උනේ එච්චරයි....ජේක් කකා හිටිය අයිස් එක විසික් කරලා මගේ අතින් ඇදලා කාර් එකට දැම්මා...
"ඔය අල ගෙම්බාට මම කියනවා පරිස්සම් වෙන්න කියලා....අපේ රැවුල නෑනේ...ඒ හින්දා අපි කියන දේ අහන්නේ නෑ....ඉලන්දාරිකම ඉහට ගහලා...අද මම මුට...."
නික්ට දෙහි කප කප ජේක් විනාඩි පහෙන් කාර් එක ගේ ඉස්සරහ නැවැත්තුවා...වටේම කලුවරයි..මම නම් කලුවරය බය නෑ....කාර් එකෙන් බැහැලා ජේක් මගේ අත තදින් අල්ල ගත්තා....රෝස සුවද යාන්තම් මගේ නහය ගාවින් යනවා මට දැනුනා...
"ආ...ඇමී බය වෙන්න එපා..."
මම හිනා වෙලා බිම බලා ගත්තා...කලුවරට බය වෙන්න මම...
ජේක් දොර අරිද්දිම ලයිට් ඔක්කොම ඔන් වුනා....
කට්ටියම හැපි බර්ත්ඩේ සින්දුව කියද්දි ෆෝරී කේක් එක අරන් ආවා...
ඒත් ජේක් දුවගෙන ගියේ නික් ගාවට.
ගිය ගමන් නික්ගේ කනිං අල්ල ගත්තා..."මෝඩ වහු පැටියා...ආය සප්රයිස් කරනවා නම් කියලා කරනවා...තව ටිකෙන් මට පෙශර් වැඩි වෙනවා.."
ජේක් හිනා වෙවීම කියලා නික්ව බදා ගත්තා...
"බලන්නකෝ තෙරේසා මේ අයියා මලෝගේ කෝලම්..."
නික්ගේ තාත්තා කිව්වේ අම්මා දිහා බලලා..
🌝💫 අමීශාගේ අතීත කතාව කමින් ශූන්
YOU ARE READING
Dark Fairy ✔️✔️
Randomපික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...එයාගෙ ඇදුම් ඔක්කොම කලුයි..." "ඇයි...කලු කියන්නෙ නරක පාටක්ද.." "ඔව්..අදුරු පාටක්..." ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆...