02.කෙල්ලොනේ🤣

69 17 12
                                    

Daisy 2

අයියෝ ෆෙරෝ...ඔයා කියන හැටියටනම් කොල්ලො දහයක ශක්තිය තියෙනවලු...ඒත් සූට්කේස් එක උස්සං පඩිපෙලක් නැගගන්න බෑ...

ඔයා කලින් ඇවිත් කාටහරි කියල බඩු ටික ඇදගන්න ඇති...මේ ෆෙරෝ ඉතින් තනියෙන් ඇවිත් තනියෙන්ම බඩු ටික ඇදගන්න එපාය මිස් Yoshida....
අතින් කටින් මලු එල්ලගෙන සූට්කේස් එකත් ඇදගෙන පඩිපෙලේ බාගයක් දුර නැගලා ඉණට අත්දෙක ගහගත්තු ෆෙරෝසා කිව්වෙ ඔරවගෙන...

අතින් කටින් මලු එල්ලගෙන සූට්කේස් එකත් ඇදගෙන පඩිපෙලේ බාගයක් දුර නැගලා ඉණට අත්දෙක ගහගත්තු ෆෙරෝසා කිව්වෙ ඔරවගෙන

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

හරි හරි ඉතින් මේ ඔයාගෙ බෑග් මමත් අරං යන්නෙ....තව එක තට්ටුවයි ෆෙරෝ.. ෆයිටින්...

නගෝමි ඔයාට කවදාවත් කිසිම Aggressive feeling එකක් එන්නෙ නැද්ද...කේන්ති යන්නෑ රණ්ඩු වෙන්නෑ...ඒ කොහොමද ඔයා ඒව පාලනය කරගන්නෙ...ෆෙරෝ පඩිපෙලේ උඩට නගින ගමන් ඇහුවා...

කේන්ති ගන්න හේතුවක් එපැයි...ඔයා නම් ඉතින් හැම තප්පරේම ඩෝං ගාන්න බලංනෙ ඉන්නෙ...නගෝමි හිනාවුනා...

ෆෙරෝ හරි...නගෝමි කවදාවත් කිසිම දේකට කේන්ති ගන්නෙ නෑ...ඒත් හරි ජොලි කෙල්ලෙක්...සාම්ප්‍රදායික ජපන් ගතිය එයාගෙ හොඳටම දකින්න තිබුනා...ඒත් ෆෙරෝ ඒකෙ අනිත් පැත්ත...හැමතිස්සෙම කා එක්ක හරි පැටලෙන්නම බලන් ඉන්නෙ ඉක්මන් කේන්තිකාරියක් නිසා...ඒත් එයාගෙ හිත හොඳයි...

කොහොමහරි පඩිපෙලේ බඩගාලා කෙල්ලො දෙන්නා එයාලගෙ Dormitory room එකට ආවා...Hanlim එකේ 1st year එකට ඇතුලු වුන එයාලා නවතින්න තෝරගත්තෙ Easy living dorm එක....

එයාලගෙ Room එක තිබුනෙ හෝල් එකේ එහාම කොනේ...හැම කාමරේම තුන්දෙනා ගානෙ හිටියත් කොනේම කාමරේ ටිකක් පොඩි නිසා දෙන්නෙක්ට විතරයි ලෑස්ති කරල තිබුනේ...

මට ජනේලෙ ගාව ඇඳ ඕනේ...ෆෙරෝ කෑගහගෙන කාමරේට ආවා...

ඔව් ඔව් ඔයාට ඒක තමයි මං තිව්වෙ...නගෝමි කිව්වෙ හිනාවෙවී...

🌼𝘿𝘼𝙄𝙎𝙔🌼Onde histórias criam vida. Descubra agora