ඍතු 31

1.5K 276 32
                                    

ඍතු....31
(සිසිරය...)

" මොකක්... මොකද්ද චූටි ඒ කතාව.."

අයිය එක පාරටම ගැස්සිලා මගෙ මූනට එබෙන ගමන් අහද්දි මට ඉබේටම ප්‍රභූ අයිය දිහා බැලුන..
එයාගෙ ඇස් වලත් තිබ්බෙ මොකද්ද ඒ කියපු කතාවෙ තේරුම වගේ බැල්මක්...

" නැගිටිනව..."
එහෙම කියල අයිය මාව නැගිට්ටවල මගෙ උරහිස් දෙකට අත තියන් මන් දිහාම බලන් කතා කරන්න ගත්ත..

" මොකද උනේ   ... හැමදේම කියනව උන..."

ඉතින් මට හැම දේම කියන්න උනා..අනික මටත් ඕනි උනේ අයියලට මේ හැම දේම කියල හිත නිදහස් කරගන්න..

" ඌට කොහෙන් ආපු හයියක්ද මගෙ මල්ලිට  එහෙම කියන්න.. මන් ඕකගෙ කකුල් දෙක කඩනව..."

අයිය මගෙ කතාව මුල ඉදන්ම අහල ඉවර වෙලා කැ ගහන්න ගත්තා..මන්ද මට ඒකෙන් අමුතුම සතුටක් දැනුන.. ඔක්කොටම වඩා අයිය මගෙ මල්ලි කියල කියපු එකට මට පුදුම සතුටක් දැනුන.. මම ඇත්තටම කෙනෙක්ට අයිතියි කියල මට දැනුන.. මට මගෙම කියල අය ඉන්නව කියල මට දැනුන...

" රවීන්.. මොකද මේ පිස්සෙක් වගේ හැසිරෙන්නෙ බන්.."

ප්‍රභූ අයිය රවීන් අයියව අල්ල ගන්න ගමන් කියද්දි මම හිනා වෙවී අයියල දෙන්න දිහා බලන් ඉදිය..

" නෑ බලපන්කො සුදූ.. ඌ හිතන්  ඇත්තෙ ඌට සල්ලි තිබ්බ කියල මන් මගෙ  මල්ලිව ආන් මේන්න කියල ඌට දෙයි කියල.. අනික දුරින් ඉදන්‍ චූටිව බලාගත්ත.. මොන විහිලු කතාද... මගෙ මල්ලිව ඌට ලැබෙන්න මන් ඉඩ දෙන්නෙ නෑ හීනෙන් වත්..."

අයිය කියද්දි මන් හිනා වෙවී අහන් ඉදියෙ එයා කියන දේවල් ගැන...
ඇත්තටම මේ මගේම අයිය කියල මට දැන් නම් හොදටම ශුවර් මොකද ඩොකෙක් උනාට මිනිහටත් නට් ලූස් මට වගේම..

මන් හිතෙන් හිනා වෙවී මටම කියද්දි ප්‍රභූ අයිය කතා කරන්න ගත්තා..

" චූටි කාටද ආදරේ කරන්නෙ කියන එක එයාගෙ දෙයක් රවීන් ඒක ඔයාට වත් මට වත් තීරනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..."

" ඌ මගෙ මල්ලිනෙ මට අයිතියන් තියනව ඌ ගැන කාටත් වඩා.. අනික මට ඌ කෙල්ලෙක්ට ආදරේ කරනවද කොල්ලෙක්ට ආදරේද කියල වැඩක් නෑ..ඌට ලැබෙන්න ඕනි ඌ වගේම අහිංසක ලස්ස්න හිතක් තියන කෙනෙක් මිසක් අර වගේ මහන්තත්ත කමෙන් ඉන්න එකෙක් නෙවෙයි.. "

ඍතු ...Where stories live. Discover now