රත්නපුර ශීක්ෂණ රොහලේ ISO IX වාට්ටුවට ලැබුනූ අපූරූ කෑම පාර්සලය...
"මේ ළඟදී දවසක තමා මෙ සිද්දිය උනේ. එදා මට තමා උදේ ඉන් සයිඩ් වැටූනේ. දැන් ඇතුලෙ වැඩ ඉවරයි.
වෙලව 12.45වෙලා. දාඩිය වැක්කෙරෙනවා. හුස්ම ගන්නත් අමාරුයි. තව හිටියොත් කලන්තෙ දාලා වැටෙයි. එලියට යන්න හිතන් දොර ලගටගියා. එතකොටම මයික් එකෙන් කතා කරලා කිවා ගෙවල් වලින් එවපු තව කෑම පාර්සල් ටිකක් තියනවා ඇතුලට දෙන්න කියලා.කෑම පාර්සල් ටික අරන් බෙදද්දී අමුතු විදියේ කැම පාර්සලයක් හම්බුනා. ඒ ෆොටො එක තමා පහල තියෙන්නෙ. එවෙලෙම කෑම පාර්සලෙ ලෙඩාට හිහින් දුන්න.
මම ඉද්දිමයි ඒ පාර්සලෙ දිගෑරියේ. ලර්ශීට් එකට උඩින් ලිවුම් කවරෙක දාපු පොඩි ලිවුම් කෑල්ලක් තිබුනා. තාත්තා කැම කන එක පැත්තකින් තියලා ලියුම කියෙව්වා.
ලියුම දිහා බලන් දැන් ඒ තාත්තා අඩනවා ලියුම පපුවට හෙත්තුකරන්. මම කලබල වෙලා ඇහුවා ඇයි මොකද තාත්තා අඩන්නෙ ගෙදර ප්‍රස්නයක් ද කියලා... ඒ ගමන මට ලියුම දුන්න කියවන්න.
"තාත්තේ ඔයා නැතුව අම්මට යි මටයි මල්ලිටයි පාලුයි. පොඩි මල්ලි පැටිය අඬනවා ඔයා නැතුව. අපිට ඔයා බලන්න එන්න විදියක් නෑ .බිත්තියේ කොලයක් රෑ ගහලා ගියා. අම්ම කිවා ඒකෙ තියෙන්නෙ ගෙයින් එලිටට බැස්සොත් පොලිස්සියන් අල්ලන් යනවා කියලා ලූ. එත් කමක් නෑ ඔයා හොයන් දුවන් එන්න හිතෙනවා. අම්ම තනියම දාලා එන්න බයයි.
අපිට ආච්චි අම්මා හැමදාම කෑම උයලා ගෙනත් දෙනවා. ඔය කැම එක කන්න. මම තමා පොල් ගාලා දුන්නෙ. අපි බඩ පිරෙන්න කනවා. ඔයාට ඉපිරිතාලෙන් කෑම දෙනවද තාත්තේ. අනේ මගෙ තාත්තා ඉක්මට සනීප වෙලා ගෙදර එන්න. ඔයා නැතුව මල්ලී පැටියට පාලුයිලූ.
ඔයාට බුදු සරනයි මගෙ තාත්තෙ, මීට ඔයාගෙ සුදු මැණික්කොටෙ"
මට මතක විදියට ලීවෙ. මේ ලියුමෙ ෆොටො එකෙක් ගහ ගන්න විදියක් තිබුනෙ නෑ. ඇතුලට පොන් එක ගෙනියන්න බෑ නේ.
- උපුටා ගැනීමකි
YOU ARE READING
Society || සමාජය (Short Stories)
Non-Fictionකියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්