Haru's pov...
"ලෝකයක් හඳුනන bts හි රැපර්වරයකු වන මින් යුන්ගි, මීට සුළු මොහොතකට පෙර හදිසි අනතුරකින් මියගොස් ඇති බව කනගාටුවෙන් දන්වා සිටින අතර..."
ඊට පස්සේ ඇහුනෙ වීදුරුවක් කුඩු වෙන සද්දයක්...
"මියා... මියා... මි..."
මන් දැක්කෙ බිම ඉඳගෙන හයියෙන් හුස්ම ගන්න මියාව...
"මොකද දරුවෝ මේ?..."
"අන්ද්වේ..."
මම එතකොටයි දැක්කෙ ටීවි එකේ ගිය නිව්ස් එක... මියා කියන්නෙ අවුරුදු 23ක පොඩි දක්ෂ කෙල්ලෙක්... එයාගේ මුළු ජීවිතේම උනේ මින් යුන්ගි... මම එයාගෙ ඔන්නි හරූ... මගෙම නොව්නත් ලේ වලින් එහාට ගිය ලොකු බැඳීමක් අපි අතර තිබ්බා...
After 1 day...
"ම...මං මොනවද කරන්නෙ?... මට පි...පිස්සු හැදෙයි... එයා කොහොමද එහෙම යන්නෙ?... "
මියා මාව බදාගෙන අඬන්න ගත්තෙ මහ පාර මැද්දෙමයි...