මම සෝල් එනකොට ජීවිතේ බාගෙයක් ම මට නැති වෙලා........ඔව් මගෙ ඔම්මා මාව දාලා යන්නම ගියා........
Funeral එක ඉවර වෙද්දි මම තීරනය කලා බූසාන්වාට සමුදීලා....... සෝල්වල මගෙ ජීවිතේ අලුතින් ගොඩනගන්න........
ඒත් සෝල්වලට එද්දි දැනගත්තෙ........ මගෙ ජීවිතේ ඉතුරු බාගෙත් මට නැති වෙලා.........
ඒන්ජල්ට නැති වෙච්ච සතුට ගෙනත් දීලා එයාව මම මග දාලා ගියා........
කවුරුත් දැනන් හිටියෙ නැහැ මම මාස තුනකට කිට්ටු වෙන්න ම හිටියෙ කොහෙද කියලා......
ඒන්ජල්....... මම වෙනුවෙන් හුගක් කාලයක් බලාගෙන ඉදලා........
එයා මුලු සෝල් නුවරම පේන කාමරේ කොනට වෙන්න තිබුනු ජනේලෙන් ඈත බලාගෙන........ මගෙ නම මුමුන මුමුන තනියම විදවලා........
මානසික රෝගියෙක්ගෙ මනස පොඩි දරුවෙක් ගෙ වගේ........
මාස තුනක් කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක සාමාන්ය අපිටත් හුගක් අමාරුයි........ ඒ කාලය මගෙ ඒන්ජල්ට කොහොමත් සෑහෙන වේදනාකාරී වෙන්න ඇති......
මම සෝල් රෝහලට ඇවිත් දිව්වෙ එයාගෙ කාමර්රෙට......
කාමරෙ කොනක තිබුනු ජනේලය.....
ලා කහ පාට රෙදිවලින් ආවරණය කරලා තිබුන ඇද.......
කාමරේ කොනකට වෙන්න තිබුනු කුඩා මේසය උඩ තිබුනු කහපාට මල් පෝච්චියත්.....
ඒන්ජල් ගැන මගෙ හිතේ ඇදුනු ආදරය වෙනුවෙන් ඒන්ජල්ට මම හාපු මාලයත් මේසෙ කොනක තිබුනා........
හැමදෙයක්ම තිබුනා මගෙ ඒන්ජල් ඇරෙන්න.......
එයා මං වෙනුවෙන් බලාගෙන ඉදලා ඉදලා....... අවසන් තීරනය විදියට ඒන්ජල් එයාගෙ ජීවිතයට සමු දීලා.......
මගේ ඒන්ජල් මාව දාලා ගිහින්........
ඒන්ජල්.......... ඉවසුවා වගේම ටික කාලෙයක් මං වෙනුවෙන් ඉවසන්න බැරි උනේ ඇය් ඒන්ජල්......
හදත් තරුවකුත් එක්ක ඒන්ජල්ගෙ සුවද මුසු වෙලා තිබුනු ඒන්ජල්ගෙ මාලය තුරුල් කරගෙන ඒන්ජල්ගෙ ඇදටම වෙලා.......
මම මගෙ දුක කදුලු විදියට පිට කලා........ කවදාවත් නිමා වෙන්නැති මතක වේදනාවන් අතරෙ මම හිර වෙලා..................................
Flashback end