" එක්ස්කියුස් මී ඩෝක්ටර් මින්! ඩොක්ටර් මින්! මින් ඩොක්ටර් ?? "
මම එක පාරට අවදි උනේ කන ලගම ඇහුනු නර්ස්ගේ කටහඩ නිසා... වෙලාව බලද්දි මට තේරුනේ ඊයේ මුලු දවසම මම ඉදලා තියෙන්නේ ලීමින් ලග....මට හොදටම නින්ද ගිහින්...
" ඩොක්ටර් ... ඊයේ ගෙදර ගියෙ නැද්ද ?"
" ඔව් මිසී.. ලීමින් ව චෙක් කරන ගමන් හිටියෙ මට නින්ද ගිහින් "
" ඩොක්ටර් එහෙනම් වොශ් එකක් දාගෙන එන්න... මම එතකන් පේශන්ට් ලග ඉන්නම් "
මම නර්ස්ටත් ආචාර කරලා එතනින් ආවේ ඉක්මනට වොශ් එකක් දාගෙන ආයෙමත් ලීමින් ලගට යන්න හිතාගෙන.... ලීමින් ඒන්ජල් වගේමයි... ලීමින් ගේ හිනාව මට මතක් කලේ මගේ ඒන්ජල්ව.... පොරොන්දු වෙනවා ඒන්ජල් ... ඔයා වෙනුවෙන්.... මම ලීමින්ව සනීප කරනවා... අපි දෙන්නට නැති උනු ඒ ලස්සන අනාගතේ.. මම කොහොම හරි ලීමින්ට හදලා දෙනවා....
අද දවසවමත් මම හිටියේ ලීමින් එක්ක...ලීමින් හරිම දගයි... ජිමින් වගේමයි... එයා දිහා බලාගෙන ඉද්දි මොහිතකට මගේ හැම දුකක්ම නැති වෙලා යනවා වගේ.... මට ලීමින්ව දැනෙන්නේ මගේම දරුවෙක් වගේ....
ලීමින්ට නින්ද යනකන් ඉදලා අඩ අදුරවැටුනු වෙලාවෙ මම එලියට බැස්සෙ මගේ ඒන්ජල් ව මුන ගැහෙන්න ...
මේපල් ගස් පේලියක් එක්ක තිබුනු සකුරා ගහක් යට තිබුනු මගෙ ඒන්ජල්ගෙ සොහොන් කොත ගාව හැමදාම මම ඒන්ජල්ගෙයි මගෙයි මතක අලුත් කරගන්නවා......
හිත පෑරෙන්න පෑරෙන්න දැනෙන්නෙ වේදනාවක් උනත්......
මම ඒ වේදනාවට ආස කලා....... ආදරේ කලා.........
හැමදාම හවසට රෝස පොකුරක් අතේ තියාගෙන සකුරා ගහ යටට වෙලා මම ඒන්ජල් එක්ක කතා කරනවා......
මම කියන දේවල්වලට කටින් උත්තර ලැබුනෙ නැති උනත් මම ඒන්ජල්ගෙ ඇස් ගිලෙන, කම්මුල් පිම්බෙන ආදරනීය හිනාව මගෙ ඉස්සරහ මවා ගන්නවා.....
ශරීරයෙන් ඈත් උනත් එයා මං ගාව ඉන්න බව මම විස්වාස කරනවා.........
ඉස්සර වගේම තාමත් මම ඔයාට හුගක් ආදරෙයි මගෙ ඒන්ජල්.........
දැක්ක පලවෙනි දවසෙ ඉදන්ම එයා......... මගේ ඒන්ජල්.......
........END........
