Chapter 13

1K 168 6
                                    

ටේ ජන්කුක්ව හොයාගෙන ගෙදරින් එලියට ආවත් ඒ වෙලාදෙ ජන්කුක්ගෙ හෙවනැල්ලක්වත් ඒ හතරමායිමක තිබ්බෙ නෑ. තවත් පරක්කු නොකර එයත් යන්න ගියේ ගියොත් මගදි හරි ජන්කුක්ව හොයාගන්න පුලුවන් කියලා හිතුන නිසා. එද්දි ජිමින්ගෙත් කා' එකේ යතුර ඉල්ලගත්ත ටේ ඉක්මනට ජිමින්ගෙ කා' එක start කරගත්තෙ ජන්කුක්ව හොයාගන්නවා කියන අරමුනින්. ටේ හංගග පහුකරන් යද්දි අහම්බෙන් වගේ නෙතගැටුනෙ ජන්කුක්ගෙ කා' එක. ඉක්මනට කා' එක slow කරලා හරියටම conform කරගත්තට පස්සෙ ටේ කා' එක පාර්ක් කරලා ඉක්මනින් ඇවිදගෙන ගියේ ජන්කුක්ව හොයාගෙන ටික දුරක් යද්දි ටේට ජන්කුක්ව හම්බුනා. එයා ජන්කුක්ට කතා කරන්න ලගට යද්දි ඇහුන ඉකිබිදුමත් ජන්කුක් කිව්ව දේත් එක්ක ටේ එතනම කිසිම සද්දයක් බද්දයක් නැතුව නැවතුනේ ජන්කුක්ගෙ හිතෙ තියෙන දේවල් දැනගන්න අදහසින්.

Tae pov

මම ඉක්මනට ජිමිනගෙ කා' එකත් ඉල්ලන් ගියේ ජන්කුක්ව හොයාගෙන අහම්බෙන් හරි ජන්කුක්ගෙ කා'එක හංගග ගාව නවත්තලා තියෙනවා දැක්ක නිසා ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියේ ජන්කුක්ව හොයාගෙන.මට එයව හම්බුනේ වැඩි කවුරුත් නැති පාලු කොනකට වෙන්න තිබ්බ බංකුවක ඉදගෙන ඉද්දි. මම එයාට කතා කරන්න එයා ලගට යද්දි ඇහුන දෙයින් මගේ ඇගේ කරන්ට් එකක් වගේ හිරියක් ගලාගෙන ගියේ මටත් නොදැනී. වැඩි වෙලාවක් යන්න කලින් මගේ ඇස් වල කදුලු පිරුනෙ ජන්කුක් ඉකිබිදුමක් එක්ක කිව්ව දේවල් ඇහිලා.





























ඔව් එයා කිව්වා මට ආදරේ කියලා.

ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද?

මාත් එයාට ආදරේ කරනවද?

මගේ හිතේ තියන මේ අමුතු හැගීමටද ආදරේ කියන්නෙ?

එ- එතකොට මම bf කෙනෙක් ඉන්නවා කිව්ව නිසාද මේ අඩන්නෙ?

ඇත්තටම මෙයා යයිද?

ඒත් මම කෝහොමද මෙයා නැතුව ජීවත් වෙන්නෙ?

ඒත් මට මේ දේට කැමති වෙන්න බෑ. ඒත් ඇයි? මම දන්නෑ.

මට බෑ ජන්කුක්ට දුකක් දෙන්න. එයා ටික ටික ඈත් වෙන එක හොදයි මගෙන්.

මොකද කිව්වොත්










































මට ජීවත් වෙන්න වැඩිකාලයක් නෑ.

(a/n : මෙලෙස ඇරබෙන්නෙ බාල්දියක් පෙරලීමේ කාලයයි🥳)












තව කෙනෙක් මේ දෙන්නා දිහා බලාගෙන හිටියා. ඒ වෙන කවුරුත් නෙවේ හොබී. එයා හදිස්සියෙම ඊයෙ කොරියා ආවා එයාගෙ company එකේ වැඩ වගේකට. එයාට නිදහස ලැබුන වෙලාවෙ එයා ආවෙ හංගග ගාවට. එයා ආසයි නිදහසේ හමන මේ සිසිල් සුළග ඇගේ වදිද්දි වැඩි සද්ද බද්ද නැති නිස්කලංක පරිසරේක ඉන්න. මොකද ඒකෙන් එයාගෙ ගතේ සිතේ තියන විඩාව එයාට නිවාගන්න පුලුවන්. ඒකයි එයා හංගග ගාව තියෙන මේ නිස්කලංක පරිසරයේ විනාඩි කිහිපයක් ගතකරන්න ආවෙ. එයා  ටික දුරක් ඇවිදන් යද්දි දැක්කෙ එයාට දැකලා පුරුදු රූපයක්. එයා අදුරගත්තා ඒ ඉන්නෙ ජන්කුක් කියලා.ඉතින් එයා එයාගෙ සන්ශයින් හිනාවත්දාගෙන ජන්කුක් ලගට එද්දි දැක්කෙ එකපාරටම දුවගෙන ඇවිත් ජන්කුක් පිටිපස්සෙන් හිටගත්ට එයාගෙ ටේ බෙයාව.හොබි ටේව දන්නෙ පොඩි කාලෙ ඉදන් ඒ ගොල්ලො හැදුනෙවැඩුනෙ එකට. හොබි ටේට ආදරේ කලේ එයාගෙම මල්ලි කෙනෙක් විදියට. නම්ජූන් තමයි හොබිගෙ සෝල්මේට්. හොබී දැක්කා ජන්කුක් අඩනවා වගේම එතන පිටිපස්සෙ ඉන්න ටේත් අඩනවා. එයා තව ටිකක් ඒ කිට්ටුවට ගියේ ජන්කුක් කියන ඒවා පැහැදිලිව ඇහෙන්න ඕනි නිසා වගේම දෙන්නම අඩන හේතුව දැනගන්න.

හොබීට තේරුනා ජන්කුක් අඩන්න හේතුව. ඒ වගේම ජන්කුක් තමන්ගෙ  පණටත් වැඩිය එයාගෙ ටේ බෙයාට ආදරේ කරන බව. එයා සතුටු උනා. ඔව් හදවතින්ම සතුටු උනා.  එයාගෙම මල්ලිලා දෙන්නෙක්ට වගේ මෙච්චරකාලයක් සලකපූ ඒ දෙන්නගෙ ආදරේ එකතු කරවන්න එයා උදව් කරනවා කියලා එයා එයාටම පොරොන්දු උනා.
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:

:::::::::::::::::::::

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hi baby bears🐻🙃

බාල්දියක් දාපු නැති කතාවක් ලුනු නොදාපු කෑමක් වගේ නේත😗
ඉතිම් සුබ මොහොතින් බාල්දියක් දැම්මා. ටේට මොකද දන්නෑ නේ උනේ.
හිකිශ්☹️
මම දන්නෙත් නෑ







Bye baby bears 🐻🌝

Laa u 😗❤️

Angelic_Earl🥀

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now