Suside lover chapter 1💉

1.8K 350 22
                                    

" තමුසෙ මහ නිකමෙක්නෙ ටේහියුන්....මාව රවට්ටගත්තා....මහ ලොකු පෝසතා...කන්නවත් සල්ලි නෑ...තමුසෙ ව මට එපා ඕනි මගුලක් කරගන්නව"

" ලිලී ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ  මට?
ඔයා දන්නවනෙ මං දුප්පත් කියලා.....

" ඔව් දන්නව  ......ඒත් තමුසෙට වඩා කෙවින් ගොඩක් පෝසත්    ..ගොඩක් කියන්නෙ ගොඩක් .....අනික තමුසෙට වඩා හොදට එයා මාව සතුටු කරනව...අඩුම තමුසෙට ඒකවත් පුලුවන්ද ටේහියුන්?

" දෙයියනෙ මොනාද ලිලී ඔයා මේ කියවන්නෙ?ඔයාට මගෙන් ඕනි sx විතරද මැනික?ඔයාව මලක් වගෙ පරිස්සම් කරන්න විතරයි මට ඕනි උනේ,ඔයා නිසා මං අම්මලා එක්කත් රන්ඩු කරා...ඇයි ඔයා මට ඔහොම කරන්නෙ?

" තියනව පෝන් එක ටේහියුන්..ප්ලීස් වාත වෙන්න එපා .....

" ලීලී හෙලෝ ...ල් ලී?

  ටේහියුන් හයියෙන් පෝන් එක කෑගැහුවෙ එහා පැත්තෙන් සද්දෙට ෆෝන් එක කට් කරා කියලා දැනදැනමයි.

අවුරුද්දක් තිස්සෙ ආදරෙ කරපු ඒ අහිංසක රෝස මල මෙච්චර නපුරු උනෙ කොහොමද?

ටේහියුන්ට හිතාගන්නවත් බෑ....

ලිලී ඒක්ක ගතකරපු ලස්සන මොහොතවල් එකින් එක ඔලුව පුරා වැඩකරද්දි ටේහියුන් කරේ පාලම් ගැට්ටට තව ටිකක් බරවුන එක.

ඇස් වලින් එක දිගට කදුලු වැටෙද්දි ටේහියුන්ට එයාගෙ අම්මව මතක් උනා.

ලිලී නිසා ටේහියුන් අම්මා එක්කත් රන්ඩු කරා..
අම්මව දාලා ආවා.

ටේහියුන්ට මේ ලෝකෙ හිටිය එකම කෙනා අම්මා..

ලීලීට තිබ්බ ආදරේ නිසා ටේහියුන් අම්මවත් අතාරියා...

ඊට හරියටම සතියකට පස්සෙ හාට් ඇටෑක් එකකින් අම්මා නැතිවෙද්දිවත් ටේහියුන්ට ඒ ගැන ගානක් නොතිබ්බෙ ලිලී නිසා...

මෙච්චරකල් ලිලී ඔලුවට විස පුරෝලා කියලා තේරෙද්දි ටේහියුන් කරෙ කැගහල අඩපු එක...

"අම්මා...සමාවෙන්න මට.....

එක තරුවක් වත් නැතුව කලු වලාකුලු වලින් බරවුන අහස දිහා බලන් ටේහියුන් කෑගැහුවා..

" ඔයාගෙ පුතා ඔයා ලගට එනව....ඔයාගෙන් සමාව ගන්න ..

ටේහියුන් පාලමෙ ගැට්ට උඩට නැගලා කලු පාටින් ගලන වතුර දිහා ටික වෙලාවක් බලන් ඉදල අත් දෙක දෙපැත්තට දික් කරලා ඇස් පියාගත්තා...

My Suside Lover|taekook Where stories live. Discover now