ටේහියුන් කකුලක් නිදහස් කරද්දි එකපාරට එයාව ආපහු පාර දිහාවට ඇදිලා ගියා.
ඒත් එක්කම තද කනේ පාරක් එයාගෙ කනට වැදෙද්දි ටේහියුන් ඇස් ඇරියෙ ආගන්තුකයගෙ අත් වලින් නිදහස් වෙලා ආයෙම ගගට පනින්න...
ටේහියුන් නැගිටින්න හදද්දි ආගන්තුකයා කරේ ටේහියුන්ගෙ ඇග උඩින් කකුල් දෙක දෙපැත්තට දාලා කොලර් එකෙන් අල්ලගත්ත එක...
" තමුසෙට පිස්සුද ඕයි.....
" අතාරිනව මට යන්න දෙනව..මට මැරෙන්න ඕනි......
ටේහියුන් කෑගැහුවෙ පාලම දිහාට බඩගාන්න උත්සහා කරන ගමන්.
" කටවහගන්න .....ඉතින් මැරෙනව ඒත් මෙතනින් මැරෙන්න එපා....
" මොකක්?
"මෙතනින් පනින්නෙ මං ..තමුසෙ වෙන තැනකින් පනිනව....
දගලන එක නවත්තලා ටේහියුන් ආගන්තුකයගෙ මූන දිහා බැලුවා.පාලමෙ ලයිට් වලින් ටේහියුන් දැක්කෙ පුංචි හා පැටියෙක්..හැබැයි මූනෙ තිබ්බ නපුරු පාට නැත්තන් අහිංසක හා පැටියෙක් කියල කියන්න තිබ්බා.
" ඇහුන්නැද්ද මනුස්සයෝ...මං මෙතනින් පනින්න දවස් ගානක් තිස්සෙ හිතුවෙ ..ඉතින් තමුසෙ වෙන තැනකින් පනිනව...."
" යාහ් .මගෙ කොලර් එක අතාරිනව...පොඩ්ඩක් ඉන්නව කතා කරලා විසදගමු..."
ටේහියුන් කියද්දි හා කොල්ලා ටේව අතාරලා බිම වැතිරුනා .ටේහියුන් හිටපු විදිහටම..
දෙන්නම ටිකක් වෙලා හති ඇරියෙ දගලල දෙන්නටම මහන්සි නිසා.
" දෙන්නම එකට පනිමු..
ටේහියුන් කිව්වෙ ලාවට හිනාවෙලා හා කොල්ලා දිහා බලන්...
" ඒක කරන්න බෑ ..මිනිස්සු හිතයි අපි ලවර්ස්ලා කියලා...
" ඉතින් ඒක ප්‍රශ්නයක්ද?
" ඔව් ඒක ප්‍රශ්නයක් තමා ...එතකොට සේහා වැරදි විදිහට හිතයි......
" කෙල්ලෙක් නිසාද මැරෙන්නෙ? මාත්.....
ටේහියුන් කියද්දි හා කොල්ලා ටේ දිහාට හැරිලා රැව්වා..
" මං ටේහියුන්...එතකොට ඔයා?
" ජන්කුක්..මට ඔයා එක්ක කත කරන්න වෙලාවක් නෑ අයින් වෙනව මට පනින්න මෙතනින්..."
නිදාගෙන හිටපු තැනින් නැගිටලා ජන්කුක් පාලම පැත්තට යද්දි ටේහියුනුත් දුවගෙන ඇවිත් පාලම උඩ හිටගත්තා
" එකට පනිමු....
ටේහියුන් කිව්වෙ ජන්කුක්ගෙ අතින් අල්ලගෙන....
" බෑ මිනිහෝ..එකපාරක් කිව්වාම අහනවකෝ..එක්කො වහ බොනව නැත්තන් බෙල්ලෙ වැල දාගන්නව ...එහෙමත් නැත්තන් කෝච්චියකට බෙල්ල තියනව...
ජන්කුක් ටේහියුන්ගෙ අත ගහලා දාල ආයෙම පාලම දිහාට හැරුනා .
ඒත් එක්කම එහ පැත්තෙන් ලොකු එලියක් දෙන්නගෙම ඇස් නිලංකාර කරා....
YOU ARE READING
My Suside Lover|taekook
Fanfiction" අහකට වෙනවා..මට මරෙන්න ඕනි..මට මැරෙන්න දෙනවා.." " ඉතින් මැරෙනව..හැබැයි මෙතන බෑ..මමයි මෙතනින් පනින්නෙ.... 🚫Taekook 🚫Short story