" එහෙනම් බොමු..
ජන්කුක් වීදුරුව ටේහියුන් අතට දීලා අනිත් වීදුරුව අතට ගත්තා.
" තෑන්ක්ස්...
ටේහියුන් වීදුරුව අතට ගත්තට ඇත්තටම එයාට ඒක බොන්න ඕනිද කියල ටේහියුන්ට හිතුනා.
" 1
2
3
ජන්කුක් වීදුරුව උස්සල එක උගුරක් කටට දාගත්තා..
ඒත් ටේහියුන්...
ටේහියුන් අතෙ තිබ්බ වීදුරුව විසික් කරල ජන්කුක් බොන වීදුරුවට හයියෙන් ගැහුවෙ සාලෙ පුරා වීදුරු කටුයි ජූසුයි හැලිලා යන විදිහට..
එකපාරට උනෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ජන්කුක් උඩ බිම බලද්දි ටේහියුන් ටිකක් වෙලා ජන්කුක්ගෙ මූන දිහා බලාගෙන ඉදල එක අතක් ජන්කුක්ගෙ බෙල්ල වටෙ යවලා අනිත් අතින් ජන්කුක්ගෙ නිකටින් අල්ලගෙන ඉදිමිලා තියන ලිප්ස් වලට පාත්වුනෙ ජන්කුක් හිතන්නත් කලින්.
ටේහියුන් ජන්කුක්ව තදින් කිස් කරද්දි මෙච්චර වෙලා බොන්නැතුව ජන්කුක් කටේ තියන් හිටපු ජූස් ටිකත් ජන්කුක්ගෙ තොල් දෙපැත්තෙන් බේරුනෙ ඒ ජූස් ජන්කුක්ට වගේම ටේටත් ටිකක් විතර පෙවිලා.
විනාඩි කීපයක් කිස්කරද්දි මෙච්චර වෙලා රොබො කෙනෙක් වගේ හැගීමක් නැතුව හිටපු ජන්කුක් එකපාර මතක් උන හැගීමකින් ටේහියුන්ව අහකට තල්ලු කරෙ කටින් පෙරන ජූස් අතකින් පිහින ගමන්.
" තමුසෙට පිස්සුද ඕයි?
ජන්කුක් වැනි වැනි වගේ කිව්වෙ මේ වෙද්දි එයට වස ටිකක් පෙවිලා තිබ්බ නිසා..
ඒවගේම ටේගෙ ඔලුවත් රිදෙන්න පටන් ගාත්තෙ ජන්කුක් බිව්ව වස වලින් ටිකක් එයාටත් පෙවුන නිසා.
" ජ...න්...කුක්....
ටේහියුන් ඇස් වල කදුලු පුරවන් ජන්කුක් දිහා බැලුවත් ජන්කුක් ගෙ ඇස් වල තිබ්බෙ කේන්තියක් විතරයි...
" ඇයි එහෙම කලෙ?
" මං....මං හිතන්නෙ මං ඔයාට ආදරෙයි ජන්කුක්....
ටේහියුන් හිර කරන් හිටිය එයාගෙ හැගීම් නිදහස් කරත් ජන්කුක්ගෙන් එයාට ලැබුනෙ කනේ පාරක් විතරයි...
" යනව යන්න.....
ජන්කුක් කැගහගෙන කියද්දි ටේහියුන් දොර ඇරගෙන එලියට දිව්වෙ තිබ්බ එකම බලාපොරොත්තුව හිත ඇතුලෙම මරලා දාන ගමන්....
![](https://img.wattpad.com/cover/299571102-288-k999496.jpg)
YOU ARE READING
My Suside Lover|taekook
Fanfiction" අහකට වෙනවා..මට මරෙන්න ඕනි..මට මැරෙන්න දෙනවා.." " ඉතින් මැරෙනව..හැබැයි මෙතන බෑ..මමයි මෙතනින් පනින්නෙ.... 🚫Taekook 🚫Short story