suiside lover chapter 8💉(final)

1.4K 360 88
                                    

" ඇයි ඔම්මා එහෙම .....මං නරකයිද ඔම්මා...මං හිතුවෙ මට තව අවස්තාවක් ලැබුන කියලා....ඒ ඇස් ඒ ඇස් දැක්ක වෙලේ ඉදන් මං ආදරෙ කරන්න පටන් ගත්තෙ ඔම්මා...ඒ වෙලෙ ඉදන් මට ඇත්තටම මැරෙන්න ඕනි උනේ නැ ඔම්මා...ඒත් ..ඒත් මං අද ආයෙත් මැරෙන්න හදනවා.....මේ ලෝකෙ නරකයි ඔම්මා...ඕනි නැ ඉන්න මට...."

ටේහියුන්ගෙ ඔලුව රිදෙනවා..කැරකිල්ල වගේ..සමහර විට පෙවුන වස ටික නිසා වෙන්න ඕනි...

රේල් පාර උඩට නැගලා ටේහියුන් අහස දිහා බැලුවෙ ලාවට තරු එක දෙක පායන අහස දිහා.

" ඉර බැගැලා හෙට උදේට පායනව...ඒත් මං ආයෙ මේ ලෝකෙ හුස්ම ගන්න ඉන්නෑ....

ටේහියුන් හොද හුස්මක් අරන් රේල් පීල්ලකින් බෙල්ල තියාගන ඇස් දෙක පියාගත්තෙ ඈතින් එන කෝච්චිය එයාට නොපෙනෙන්න.

තව ටිකකින් එයාගෙ ඔලුව කදෙන් වෙන් වෙලා යයි...

ආයෙ නොයෙන්නම ටේහියුන් යන්න යයි...

ට්‍රේන් එකෙ සද්දෙ ටිකෙන් ටිකෙන් ලග ඇහෙද්දි ටේහියුන් අත් තද කරගත්තෙ වේදනාව දරාගන්න.ඒත් එකපාරට කවුරුහරි එයාව ඇදල අරන් තනකොල ගොල්ලට පෙරලගෙන තද කරගත්තා.

ටේහියුන්ට ආයෙම රේල් පීල්ලට යන්න ඕනි ඔනත් ආපු කෙනා කවුරු උනත් ටේහියුන්ට යන්න නොදී හිර කරගෙනම හිටියා.

" ටේහියුන්.....

ජන්කුක් ටේහියුන්ගෙ මූන අල්ලගෙන කෑගැහුවෙ ටේහියුන් කෝච්චියට පනින්න දගලපු නිසා.

කොච්චියෙ සද්දෙ කන ලගින් ඇගෙද්දි ටේහියුන් හිමීට ඇස් ඇරියා.

ටේහියුන් වගේම ජන්කුකුත් කෝච්චිය ගිහින් ඉවරවෙනකන් ඇස් දිහා බලන් හිටියා.හරියට ඒ ලෝකෙ ඉන්නෙ එයාල දෙන්නා විතරක් වගේ....

" ජ...න්....කු...ක්.

ටේහියින් කදුලුත් එක්ක මිමිනුවෙ ජන්කුක් දිහා බලාගෙන...

" මාත් එක්කනෙ මැරෙනව කිව්වෙ...

ජන්කුක් හිනාවෙල ටේහියුන්ට කියද්දි ටේහියුන් ජන්කුක් පෙරලගෙන ජන්කුක්ගෙ ඇග උඩට ආවා..

" මට ආදරෙයිද?

" නෑ පොඩ්ඩක්වත් නෑ...

ජන්කුක් හිනාවෙලා ටේහියුන්ගෙ තොල් වලට පාත් උනේ ආයෙමත් ටේහියුන්ව තනකොල ගොල්ලෙ පෙරලගන්න ගමන්...

________________________________________

                                           END
_________________________________________

     හායි💉
සූසයිඩ් ලවර් මෙතනින් සමාප්තයි..❤️
කතාව හොදයි නම් වොට් එකක් දාගෙනම යන්න ඉතිම්..💌

අර දෙන්නා සූසයිඩ් කරගත්ත නැති එකෙ මං වත් සූසයිඩ් කරගන්න යනවා.👓
නැත්තන් කතවෙ නමටත් අපහාසයක්..😂

My Suside Lover|taekook Où les histoires vivent. Découvrez maintenant