01.

381 59 110
                                    

හ්ආ.....ටිකක් පරක්කුයි වගේ...6.00 වෙලාව.හ්ම්....ඉක්මන් කරන්න වෙනවා...

මම මගේ boyfriend හම්බවෙන්න යන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ.උදේ නැගිටින්න ටිකක් පරක්කු වෙච්ච නිසා ඉක්මනට ලෑස්ති වෙන්න උනා.ලෑස්ති වෙලා ඉවර වෙලා මම පහළට ආවේ අම්මට මම යනවා කියන්න.ඒත් අම්මා කුස්සියේ පේන හිටියෙ නෑ,ඒනිසා මම අම්මට කතා කළා.

අම්මා...අම්මා...

ආආ...ඔයා ලෑස්ති වෙලා ඉවරද,කොල්ලා බලන්න යන්න...හොලී

යෙප්.....උම්මා...මම ගිහින් එන්නම් අම්මා...මම අම්මගෙ කම්මුලට හාද්දක් දීලා,අම්මාගෙන් සමු අරන් එළියට බැස්සා විතරයි මගේ phone එක ring වෙන්න ගත්තා.

මැක් වෙන්න ඕන...මං ටිකක් පරක්කු නිසා කොහෙද කියලා බලන්න වෙන්න ඕන...

මම phone එකේ screen එක දිහා නොබලම answer කළේ,අද මගේ නිවාඩු දවස නිසා.

හෙලෝ....මැක්...මම මේ එන ගමන්..

සමාවෙන්න...හදිසි පණිවිඩයක් .0135CH මේ දැන්ම,ප්‍රදාන කාර්යාලයට වාර්තා කරන්න.පණිවිඩය ලැබුනු බව දන්වන්න.Over.

දෙයියනේ !මේ මොකද ?!
පණිවිඩය ලැබුණා.Over.

මම කාරෙක අනික් පැත්තට හරවන ගන්ම මැක්ට voice massage එකක් දැම්මෙ මට අද එන්න වෙන්නෙ නෑ කියන්න.එයා....මොනා හිතයිද....මම ඔයාට ඉක්මනට ඇත්ත කියන්නම් මැක්...

මම ලොකු හුස්මක් පිට කරලා,තව ටිකක් වෙගෙන් යන්න ගත්තේ අද මගේ නිවාඩු දවස කියලා දැනගෙනත් කතා කලේ අනිවාර්යයෙන්ම මොකක් හරි ලොකු දෙයක් වෙලා ඇති කියලා ඉවෙන් වගේ තෙරුන නිසා.

.................................................................

සර්....මම ඇතුලට එන්නද?

යෙස්...යෙස්...කම් සූන්...හොලී

මම දොර ඇරගෙන ඉක්මනට කමරේ ඇතුලට ආවා.

සර් ....

ඔයාට පැය දෙකක් දෙන්නම් හොලී.ඉක්මනට ඇදුම් සහ අවශ්‍ය කරන අනික් දේවල් අරගෙන හරියටම 10.30වෙද්දී,සන්ක්ව හම්බවෙන්න.එයාගෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන් .ඔයාව මේ දැන්ම ලන්ඩන්  වල ප්‍රදාන  කාර්යාලයේ ප්‍රධානියා ලෙස, අනියුක්ත කරනවා.එහෙ පොලීසියට විසදගන්න බැරි ප්‍රශ්න මතුවෙලා.අපෙන් උදව් ඉල්ලලා එවලා තිබුනා .ඇත්තටම වෙලා තියෙන්නෙ අබිරහස් මරණයක්.එවලා තිබුණ විස්තර බැලුවාම,ඔයාවම මේකට යවන්න තීරණය කළා.ඒනිසා,දැන් ඉදන් ඔයාගේ නිවාඩු අවලංගු කරනවා.හරි...වැඩි විස්තර ,සන්ක් ඔයාට සපයයි.අවශ්‍ය කරන බට පිරිස ඔයා තෝරගන්න වගේම ඔයාගෙ විදිහට වැඩ කරගෙන යන්න සම්පුර්න නිදහස ඔයාට තියනවා.දැන් 8.30,10.30ට ආයි එන්න.දැන් යන්න.

මම කියුව්ව හැමදේම අහගෙන හිටියා.ප්‍රශ්න අහන්න වෙලාව නැහැනෙ.ඉතින් මම සර් ට ආචාර කරලා,ආයෙම මගේ වාහනේ ලගනට ඉක්මනට ගිහින් ,නැගලා ටිකක් වෙලා හිතුවා,මොකද්ද මේ උනේ කියලා...ඒත් මට වැඩි වෙලාවක් නැහැ.ඉතින් හිතන එක නවත්තලා,වාහනේ ස්ටාර්ට් කරගෙන ආයෙම ගෙදරට ආවා.

හොලී....මේ ඔයාද බබා...මොකද ගියපයින්ම...

මම ඇතුලට එද්දිම අම්මා කතා කලා.

ඔව්...අම්මා...මම වෙච්ච දේ ඉක්මනට අම්මට පැහැදිලි කරන ගමන්,ඕන කරන දේවල් ලෑස්ති කරගත්තා.

පරිස්සමෙන් බබා....

හරි...අම්මා...මං ගිහින් එන්නම්.

.................................................................

සන්ක්,මට දැන් කියන්න මොකද්ද වෙලා තියෙන්නෙ ,ලන්ඩන්  වලට මාව ගෙන්වන්න තරම්?මට කිසිම දෙයක් සර් ,පැහැදිලි කළේ නෑ.

මම සන්ක් එක්ක මගේ වහනේ ලන්ඩන්  වලට ධාවනය කරන්න ගත්ත ගමන්,එයාගෙන් ඇහුවා.

ඇත්තටම ,මෑම්....වෙලා තියෙන දේ ටිකක්,භයානකයි.

හරි ,ඉතින් ?මොකද්ද වෙලා තියෙන්නේ?

ත්‍රිත්ව මිනීමැරුමක් !තුන් දෙනාම ගැහැණු ළමයි.

මොකද්ද ????හැමදෙයක්ම කියන්න....මම සන්ක්ට අණ කළා.
මේක වෙන්න බැරි දෙයක් විදිහටයි මට දැනුනේ...මිනීමැරුමක් වෙන්න පුලුවන් ,දෙකක් ඒත් වෙනවා...නමුත් තුනක්??ඒමදිවට ගැහැණු ළමයිම තුනක්????මම මගේ හිත සන්සුන් කරගෙන සන්ක් කියනදේට ඇහුන්කන් දුන්නේ,වාහනේ වේගේ තවත් වැඩි කරමින්.

මුලින්ම...මම ගැහැණු ළමයිගේ විස්තර කියන්නම්,මෑම්...ළමයි තුන්දෙනාම...

.................................................................

ඔන්න...පලවෙනි චැපිය ඉක්මනින්ම ගෙනාවා....

ඉස්සරහට මොනා වෙයිද??

දැනගන්න කතාවත් එක්කම ඉන්න.

A/N :රෑ දාන්න හිටියත් කේශෝ ඔයාගෙ ඉල්ලීම නිසා එහෙම කළේ නෑ ඔන්න...😂💫ඒත්,තාම හොල්මං සීන් පටන් ගත්තෙ නෑ!

Wattpad හොල්මන.(COMPLETE )Where stories live. Discover now