ඒ තමයි......එයාගෙ යලුවා ස්ෆොනොලි.
මො...මොකා?!මොකද්ද මෑම් ඔයා ඒකෙන් අදහස් කරන්නේ ? ඔයා කියන්නේ,මැරිගෙ මරනයට වග කියන්න ඕන ස්ෆොනොලි කියලද?
ඔයා,කලබල වෙන්නේ නැතිව ඉන්න,සොනි.මම කියන්නෙ එයා දිහාට පැහැදිලි සැකයක් එල්ල වෙනවා කියලා විතරයි.මං කියන්නෙ නෑ එයා තමා මේක කළේ කියලා.නමුත්,එයා දිහාට පැහැදිලි සැකයක් එල්ල කරන්න පුලුවන්,සාක්ශිකරුවන් සහිත සාක්ශි අපිට හම්බවෙලා තියෙනවා.පලවෙනි එක මැරි මැරෙන්න සතියකට කලින් ඉදලා මේ යාලුවො කට්ටිය,ස්ෆොනී ගේ තාත්තට අයිති බංගලාවක නිවාඩුවකට ගිහින් ඉදලයි තියෙන්නෙ.....
ඔව්,මට මතකයි....මැරිගෙ මරනය සිද්ද වෙන්නෙත් ඒ බංගලාවෙදිනෙද මෑම්?
ඔව්,ඒක හරි සන්ක් .ඒ බැංග්ලො එකේ නම....මට මතක් හැටියට,A different face .....
මොන විදිහෙ විකාර නම්ක්ද අප්පා ඒ??
ඒකනම් මම දන්නෙ නෑ රදූලා....කොහොම හරි,මෙහෙම ඉන්න අතරෙ ස්ෆොනී යි,මැරි අතර රණ්ඩුවක් වෙලා තියනවා.ඒවගේම ඒක දරුණු රණ්ඩුවක් කියලා,ඒවෙලාවෙ එයාලගේ කාමරේට පණිවිඩයක් කියන්න ආපු ලෝරා කියන සේවිකාව,ලබා දීපු කටඋත්තරේ සදහන් වෙනවා.ප්රදාන ගෘහ මූලීකාව වෙන මිසිස්.ප්රම්ෆී ඒක තහවුරු කරලා තියෙනවා.දෙවනි කාරණය ,මේ රණ්ඩුවටත් කලින් ඉඳලම ස්ෆොනී ගේ මැරි ව නුරුස්සන ක්රියාකලාපය.ඒක ගැන මිසිස්. ප්රම්ෆී වගේම ලෝරාත් සදහන් කරලා තියනවා.ඒවගේම ඒ ගැන ස්ෆොනී ගේ අම්මටයි,තාත්තටයි ත් දැනුනා කියලා ඒ දෙන්නත් මා එක්ක කියුව්වා .කොහොමහරි දැනට පවතින වාතාවරණය ඕකයි.මගේ හිතේ තව කීප දෙනෙක් ගැන සැකයක් තියෙනවා නමුත්,ඒවා දැම්ම සදහන් කරන්න ඕන නෑ.මම හැමදාම කියනවා වගේ,අදත් මම ඔයාලට කියනවා,ඔයාගේ මනස විවෘතව තියාගන්න.මං කියුව්වේ,සැක සහිත කාරණා විතරයි .ඒවා ඔප්පු වෙලා නැහැ.ඒනිසා කාගැනවත්,නිවැරැදි සාක්ශි නැතිව සැක කරන්න හිතන්න එපා.තේරුනා නේද,මෙතෙක් සිද්දවෙලා තියෙන දේවල්?
ඔව්...මෑම්.
හොඳයි .අපිට තව විස්තර සහිතව පෙලගස්වන්න තියෙන්නේ මළමිනී ගැන.ඒක ටිකක් සංකීර්ණ කටයුත්තක් නිසා අපිට ඒකට දැන්ම අතගහන්න බැහැ.ඒකනිසා,අපි දැන් මුල ඉදන් වැඩ පටන් ගන්න ඕන.මේ ප්රශ්නේ අපිට නොතේරෙන,ලෙහාගන්න ඕන තැන් ගොඩක් තියෙනවා...ඒක නිසා අපිට මෙතන ඉදන් ඒක කරන්න බෑ,අපි හරි තැනට යන්න ඕන....