ක...කවුද...
ඇහුන කෑ ගැහීම කොයිතරම් බිහිසුනුද කිව්වොත්,නියෙල්ට වචන පවා පැටලෙන්න ගත්තා.
ඒ...හ්ආ...රදූලා ......
රදූලා??ඇයි???එයාට මොකද උනේ එයා දැන් කොහෙද ඉන්නේ,සොනි??
එයා,එයා ඉන්නේ ස්ෆොනී ගේ කාමරේ.....එයාව ඒක ඇතුලේ හිර උනා...
මොකා...??හිර උනා?ඒ කොහොමද??
ඔය ප්රශ්න වලට උත්තර අපි පස්සෙ හොයාගමු නියෙල්...දැන් ඔයා සොනි මෙතන ඉන්න සන්ක් ව ගෙනියන්න ඇම්බියුලන්ස් එක ආවාම,එයාලට උඩට ඇවිත් සන්ක්ව එක්කං යන්න කියන්න ඔයා මෙතන ඉන්න ඕන!දැන් නියෙල් ඔයා,එන්න මා එක්ක යන්න!!ඉක්මනට එන්න...
මොකා....ඕ...දෙයියනේ,සන්ක් ඔයාට මොකද උනේ??ඕ,හරි හරි මෑම් මං මෙතන ඉන්නම්.
මම කතා කරද්දී සොනි සන්ක්ව දැක්කේ,කොහොම හරි සොනිට එතන ඉන්න කියලා මායි,නියෙලුයි ස්ෆොනී ගේ කාමරේ ගාවට ආවා.
රදූලා.....රදූලා...ඔයාට ප්රශ්න යක් නෑ නේද??රදූලා....
මං දොරට ගහන ගමන් එයාට කතා කළත් කිසිම සද්දයක්,ඇතුලෙන් ආවේ නෑ!
ආආඅහ්ආඅ....මෑ...ම්....අහ්...මෑම්...ආආඅ.....
දඩොං.....
රදූලාආ.......
රදූලා කතා කරන්න උත්තසහ ගත්තත්,එයා අන්තිමට කලේ ආයෙත් කෑගැහුව එක.ඒත් එක්කම මොකක් හරි දෙයක් වදින සද්දයකුත් කාමරේ ඇතුලෙන් ආවා.
මේක හරියන්නෙ නෑ මෑම් !!අපි,දොර කඩමු!!
ඔව්,දැන් තියෙන තත්වෙ හැටියට එහෙම කරන්නෙ නැතිව බැහැ.ඕ...නියෙල්!ඔයා මොකද්ද කරන්නේ??ඔහොම කරලා දොර ඇරගන්න බෑ!!ඔහොම ඉන්න ටිකක්....ඕ.....
මම දොර කඩන්න මොකක් හරි අරගෙන එමු කියන්න හදද්දි,නියෙල් එයාගෙම ඇඟ පාවිචි කරමින්,හරහට දොරේ වැදෙන්නෙ ගත්තා.ඒ දොර ශක්තිමත දොරක්.මේ විදිහට ඒක ඇරගන්න පුලුවන් වෙන්නේ නෑ කියලා මං කෑගැහුවෙ,නැත්තනම් නියෙල්ටත් අනතුරක් වෙයි කියලා හිතුන නිසයි.ඒත්.....එයා දෙවෙනි පාරත් ඒවිදිහටම එයාගෙ ඇඟ දොරේ වැද්දුවාම,දොර ඇරුනා!
ඇරුන දොරෙන් මුලින්ම ආවේ.....පුදුමාකාර විදිහේ ගදක්.හරියට....මලමිනියක් කුනුවෙච්ච් ගදක් වගෙයි ඒ ගඳ දැනුනෙ.නමුත්,ඒ ගඳ අපේ හිතෙ මැවුන ගදක් ද කියලා හිතෙන විදිහට අපි කාමරේට අඩිය තිබ්බ ගමන්ම ඒ ගඳ නැති උනා!.