හන් ගග, ඇයි හැමදාමත් වගේ මට මෙතන මේ වෙලාවෙත් මතක් උනේ??!!....ගිය සති දෙක අමතක කරන්න බැරි,මගේ ජිවිතෙ ම වෙනස් කරපු සති දෙකක්්.......මට හිතාගන්න බැරි,විශ්වාස කරන්න බැරි නමුත් විශ්වාස කරන්න වෙන සිදිවීම පිරුණු සති දෙකක්.මට දුක එකම කාරණය මේ වෙන භීෂණයෙන් මිනිස්සුන්ව බේරගන්න මුකුත් කරන්න මට බැරි වෙලා තියෙන එකයි.....සිද්ද වෙන දේවල කොච්චර හොදට පැහැදිලිවම එයාගේ ආත්මෙට සම්බන්ධයිද??....මේක ඇයි විශ්වාස කරන්නෙ නැත්තේ????මැරියාලා ගේ මරණයට වග කියන්න ඕන කෙනා හොයාගත්ත එක ගැන කියව කියව ඒ මිනිහා වයි,අපි හොයාගත්ත දේවලුයි ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ අලුත් පරීක්ෂක තුමිය හොයාගෙන නෑ!!! තවත් මරන ලෝකය පුරාම සිද්ද වෙයි....මේවෙනකොටත් කොහෙහරි මරනයක් වෙලා වෙන්න පුලුවන්.... එයාව නවත්තන්න පොලිසියට බැහැ.....ඒත් මටත්...කරන්න දෙයක් නැති වෙනවා...හ්ආ....මං හන් ගගේ අත් වැටට තද උනා.
ආව්....මේ...තුවාල...පරණ වෙච්ච භයානක මතක අවුස්සනවා....
........................Two weeks ago Holli's pov............................................
Chanel 05 hot news ;
මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්!2020.01.01 දින මරනයට පත් වූ,21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සුලු පියා අත්තඩංගුවට!.මේ පිළිබඳ අදහස් දක්වන ස්කොට්ලන්යාඩ් ප්‍රදාන පරීක්ෂක තුමිය විසින් පවත්තවනු ලබන සජිවී මාධ්‍ය හමුව වෙතට දැන් අප ඔබගේ අවදානය යොමු කරනවා.(🌼 -හොලි)
🌼-සතියක කාලයක් මේ සදහා ගතවීම ගැන මගේ කනගාටුව මුලින්ම මම ප්‍රකාශ කරන්න කැමති.ඒකට හේතුව,මගේ ප්‍රදාන සහය නිලදාරියාට පොඩි අනතුරක් සිද්ද වීම.ඇත්තටම ඒකත් උනේ මේ පරීක්ෂන වැඩ කටයුතු අතර දුරදී.කොහොම නමුත්,අවසානයේ අපි මේ මරණ තුනෙන් එක මරණයකට වගකිව යුත්තා හොයාගත්තා.නමුත් මරනය සැලසුම් කරපු පුද්ගලා ඔහු නෙවෙයි,කියලා අපිට ඔප්පු වෙලා තියෙනවා.ඒවගේම අනෙක් මරන දෙකටත් වග කියයුත්තෙ මේ මරනය සිදු කිරීමට මේ පුදගලයාව මෙහෙය වූ පුදගලා බව හිතන්න පුලුවන්.හැකි ඉක්මනින් අනෙක් මරන වලටත් වැරදිකරුවන් සොයා නීතිය ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්...දැනට සමුගන්න කැමති.සහය දැක්වූ හැමොටම,විශේෂයෙන් මගේ කණ්ඩායමට ස්තුතිය පුද කරනවා.