07.

113 38 34
                                    

ජේහොන්.....

කොහෙමද ,චෞරා...

ඔයා...ඔයා..මොකද මෙතන...කොහොමද මං මෙහේ...ඉන්නව කියලා දැන ගත්තේ....ඔයා..

මං හිටියෙ පුදුම වෙලා..මට එයාගෙන් අහන්න දේවල ගොඩක් තිබුනා...ඒත් මට තව මුකුත් අහන්න බැරි උනේ....එයා එකපාරට මාව බදා ගත්ත නිසා...

ආයි මාව දාලා යන්න හදන්න එපා..යන්න දෙන්නෙ නෑ..

ජේහොන් ....

😁 තාම ඔය නම....අවුරුදු කීයකින්ද...ඒක කියන එක අතාරියෙ නෑ නේ...

මට අහන්න දහසක් දේවල් තිබ්බත්,මට එයාගේ නම ඇරෙන්න මුකුත් කියා ගන්න බැරි විදිහට හැමදෙයක්ම මොලෙ හිර වෙලා වගෙයි දැනුනේ...මගෙන් ඈත් වෙච්ච ජේහොන් අරම කිව්වේ මගේ ඇස්වලට එයාගේ ඇස් ඔබන්න තරමට ආයෙම මට ලංවෙන ගමන්.ඒ ඇස්....ඉස්සර වගේමයි...ආදරේ...පිරිලා...මගේ ඇස් වලට කදුලු උන්නවා දැනුනා..මං ඉක්මනට කදුලු නවත්තගන්න හැදුවත්..

ෂ්ෂ්ෂ්...ඔයා ඔන්න ආයෙම අඩන එක නවත්තන්න හදනවා...දැන් ඉන්නෙ මං විතරයි මෙතන පොලිස් නෝනේ.. අඩන්නෙ නැතිව හිර කරගන්න එපා..

ජේහොන්...හ්ආ...මං..මං පොලිස් ...

මට ඇඩුනා...මට කියන්න ඕන උනා මං දැන් පොලිසියෙ කෙනෙක් නෙවෙයි කියලා...එත් ඊට කලින් එයා..

ෂ්...මං...වෙච්ව දේවල් දන්නවා...

මාව තදින් තුරුලු කරගන්න ගමන් කිව්වා.

මට එයාගේ උනුහුම අවුරුදු ගානකට පස්සෙ ආයෙම දැනුනා...මට ඒ විදිහටම ඉන්න ඕන උනා...ඒත්...එතකොටම මට මතක් උනේ...මේ ඉස්සර හිටිය ජේහොන් නෙවෙයි කියලා...අහ්...මං එයාගෙන් ඈත් උනා...

ඇයි?

ඇසවලින් එයා මගෙන් ඇහුවා..

ඔයා...මෙතන මෙහෙම ඉන්නවා කවුරුහරි දැක්කොත්...ඔයාට...හොදනෑ...ඔයාට...

කතා හැදෙයි...නේ??හරි,ඔයා හරි ඒනිසා...අපි අපේ ඩොම් එකට යමු..ම්ම්...මේවිදිහට කවුරුත් මාව අදුන ගන්නෙ නෑ....ඒත්...ඔයාට අවුල් වගේනම්...අපි යමු...

එහෙම...

හරි ,හරි ඔයාට අවුලක් නෑ එත් මට අවුල් තමයි...ඒනිසා අපි යමු...

Wattpad හොල්මන.(COMPLETE )Where stories live. Discover now