දැනුන දේ නිසා,මං හිටියෙ හෙලවෙන්නවත් බැරි වෙලා.හ්අ....ඒත් එක්කම මගේ උරහිසට සියුම් ස්පර්ශයක් දැනුනා.
මෑම්....ඔයා...ඔයා....හොදින් නේද?
මං සන්ක් දිහාට හැරුනෙ ටික්ක ගැස්සිලා,මගේ බෙල්ල හරිය අතගාන ගමන් නිසා,එයා ටිකක් කලබල වෙලා වගේ මගෙන් ඇහුවා.
ආආ...මං හොදින්,සන්ක්....ප්‍රශනයක් නෑ.ඒවගේම,මෙතන අපි ජනෙලෙන් දැක්ක ලේ නැතිව, තිබුනෙ ලේ තැවරුන අත් සලකුණක් කියලා අනිත් අයට කියන්න ඕන නෑ.
මෑම්....මොකද ඔතන වෙන්නෙ ?ප්‍රශ්නයක් නෑ නේද?
මං සන්ක්ට උපදෙසක් දීලා ඉවර වෙද්දිම වගේ ජනෙල්ලෙ ළඟ බලාගෙන හිටපු නියෙල් ගේ කටහඬ ඇහුනා.
ප්‍රශ්නයක් නෑ නියෙල් අපි දැන් එනවා.
මං කියුව්ව දේට ඔලුව වනන ගමන්,සන්ක් නියෙල්ට උත්තරයක් දුන්නා.
හරි එහෙනම් අපි ඇතුලට යං.
අපි දෙන්නම ඉක්මනට ඇතුලට ආවා.
මෑම්...එතන....මොනාහරි...
රදූලා....ඔයා බොරුවටයි බය වෙලා තියෙන්නෙ.එතන කිසිම දෙයක් නෑ.ජනෙල්ලෙ ළඟ දී දැක්ක ලේ පැල්ල බොරු දෘශ්‍ය මයාවක් විතරයි.අපි හැමොගෙම හිත් ගැස්සිලා තිබුන නිසා තමයි අපි හැමොම එතන ලේ පැල්ලමක් තියනවා කියලා දැක්කෙ.තේරුනාද??ආයි ඔහොම හැසිරෙන්න එපා රදූලා .
රදූලා අහන්න ගිය ප්‍රශ්නෙ,මග නතර කරලා මං එයාට ටිකක් තදින් කතා කලා.ඒගමන්ම අනිත් අයගෙ මූණූ දිහාත් මරුවෙන් මාරුවට බැලුවෙ මං කියුව්ව දේ ඒ අයටත් අදාල වෙනවා කියලා අගවන්න.
මෑම් කියන කතාව ඇත්ත රදූලා.එතන මුකුත් නෑ.ඔයා නිකං බොරුවටයි බය වෙලා තියෙන්නෙ.
සන්ක් මගේ කතාව තහවුරු කලා.
ඒත් එක්කම බැංග්ලෝ එකේ අපි හිටපු සාලේ තිබුන ස්ථාවර දුරකතනය හඩ නැගුවා.ට්‍රිං....ට්‍රිං....
ඔව්,ලොකු මත්තයා....ආ...ඉන්න..
අපි කවුරුත් ඇමතුමට පිළිතුරක් දෙන්න කලින්,කුස්සියට ගිහින් හිටපු මිසිස් ප්‍රම්ෆී ඇමතුමට පිළිතුරු දෙනවා ඇහුනා.