Preface 💮

857 164 77
                                    


SAKURA 💮

*වර්ෂ 1997 වසන්ත සමය...

මාර්තු මස 17 වෙනිදා...

සකුර ගස් වල මල් පිපිලා පෙති සීසීකඩ ගිහින් පාර පුරා වැටිලා තිබ්බේ හරියට ලස්සන පළසක් වගේ... පුංචි පුංචි මල් පෙති , ඒ වගේම මල් තවම හරි ලස්සනට නැවුම් විදිහට තිබුණා..  මුලු හොක්කයිඩෝ නගරයම මල් වලින් වැහිලා ගිහින්.. සාමන්‍යයෙන් සීතල ප්‍රදේශයක් වුන හොක්කයිඩෝ නගරය මේ වගේ මල් වලින් වැහුනම දැනෙන්නේ වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ... තවම හරියට දිය වෙලා නොතිබ්බ අයිස් තට්ටු කදු මුදුන් වල දියාරු වෙවී වැටෙද්දි මිනිස්සු චෙරි බ්ලූසම් එහෙම නැත්නම් සකුරා මල් වල සුදරත්වය විදින්න පොරකනවා...

මේ සීතල විදින මොහොතේ සකුර මල් යට ඒ අතේ උණුහුම විදින්න ඇත්නම්.... සකු මං තවමත් ඔය උහුණුමට ලෝබයි... මට ඔයාව හුගක් මතක් වෙනවා...

අද මං එයාට මගේ හිතේ තියෙන දේ කියන්නයි යන්නේ.... ඔව් මං එයාට අද මාව මැරි කරන්න කියලා යෝජනා කරනවා...

එයා කැමති වෙයිද ?.

~ Captain  Jeon Jungkook ~

----------------------------------------------------------------------------------------------------------------------------------

වසන්තයේ එක් දිනක කැප්ටන් ජොන්ගේ දිනපොතේ අවසන් වරට  පිටු අතර ඔහු එලෙස සටහන් කරන ලදි... !!

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

-----------------------------------------------------------------

" නෑ සකු.. ඔයාට ඔහොම යන්න බැහෑ... ඉවසන් ඉන්න ... තව ටික දුරයි....".

" ඔප්පා.. මට තවත් දරා ගන්න බැරි වෙයි..."

" නැහෑ.. එහෙම කියන්න එපා සකු... මං ඔයාගේ අතින් අල්ලන්ම ඉන්නවා.. ඔයාට බෑ මාව දාලා යන්න...  "

ඔහු ඇගේ අත තදින් අල්ලන් හිටියත් ඒ මලානික ඇස් හිමීට පිය වුනේ මුවග රැදිලා තිබ්බ සිනහව තවමත් එහෙන්ම ඉතුරු කරමින්... හදවතේ වේගය කෙමෙන් අඩු වෙද්දී ඔහුගේ අතට තද වී තිබුණ ඒ සියුමැලි අත සෙමෙන් ලිහිල් විය...

" පොරොන්දු වෙනවා... මං ආයෙම ඔයා ලගට එනවා කියලා.... "

ඒ ඇයගේ අවසන් පොරොන්දුවයි.. ඔහු තවමත් ඇය වෙනුවෙන් මග බලන් .... දහස් ගණන් මිනිසුන් සිටින , දහස් ගණන් මුහුණු අතර ඔහු තවමත් ඒ රුව අපේක්ෂාවෙන් සිටිනවා.....

-----------------------------------------------------------------

සකුරා දේශයේ යුවතියකට පෙම්බැදි කොරියානු හමුදාවේ විශේෂ කාර්‍යය බලකායේ අණදෙන නිලධාරි  ජොන් ජන්ග්කුක් ඔහුගේ ආදරය සොයා ගනීවිද ?....

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.



( නිකන් හැදුවෙ බලලා යන්න 😭💜️)


💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

සකුරා 💮

සකුරා ගැන කිව්වොත් ඇත්තටම මේ කතාව ආතබූත කතාවක් වෙයි ... ලව් ස්ටෝරි එකක් වුනත් එහෙම නොවෙන කතාවක් වෙන්නත් පුලුවන්.... ඒ වගේම මේක short story එකක්.. කොටස් 5ක් තමයි උපරිම බලාපොරොත්තුව....

මේ කතාව ලියන්නේ මං ජපානය, කොරියාව දෙකම මුල් කරන් ළමයි... කොරියාව ගැනනම් ලංකාවේ ඉතිහාසෙට වඩා දන්නවා වුනාට ජපානය ගැනනම් මෙලෝ සසරක මල පොතේ අකුරක් බැහෑ 🙂 ... අරිගතෝ විතරයි කියන්න දන්නේ ... අහ් කොනිචිවා බීටීඑස් කියන්නත් දන්නවා 😂 ඉතින් මේ කතාව දෙමළ පත්තරේ වගේ කියලා හිතන් නිකන් දෙන නිසා හරි කියවයි කියලා මං බලාපොරොත්තු වෙනවා.... කතාව ගැන වැඩිය කියන්න හොද නෑ ... 🙊කියවලම බලන්න ....

හිතනවද මේ කතාව හොද වෙයි කියලා ?....

පළවෙනි කොටසින් හම්බෙමු....

Borahae 💜️
✍JinNu

SAKURA 💮 || JJK  [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang