මිනූ - ඉතින් රීනා මට කියන්නකෝ ඔයා ඔය කියන ජුන්කුක් ඔප්පා ගැන 🙂
මම කිව්වේ රීනාව ඇදෙන් වාඩි කරලා මාත් ඒ ඇදේම පැත්තකින් වාඩි වෙන ගමන්.
රීනා - ජුන්කුක් ඔප්පා මට හම්බුනේ මම මෙහෙට ආපු දවසේ
මිනූ - ඒ කොහොමද
රීනා - ඔප්පා කිව්වේ නම් එයාගේ යාලුවෙක් හම්බෙන්න ආවා කියලා..
මිනූ - හ්ම් ඉතින්
රීනා - ඔම්මයි අප්පයි පොඩි කාලේ ඉදන්වත් මං ගැන බැලුවේ නෑ ඔන්නි. එයාලා බිස්නස් වැඩ කරා මිසක් මගේ ගැන බැලුවේ නෑ. අන්තිමේදී මගේ කැන්සර් එක ගැන දැනගද්දිත් හොදටම පරක්කු වැඩියි. ඊට පස්සේ ඔන්නිගේ අප්පා කිව්වා මාව මෙහේ නවත්තන්න කියලා. මම මෙහෙ එන්න කලින් සති දෙකක් විතර මම තනිකරම පිස්සෙක් වගේ උනා. මට ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලා හිතුනා. මම මෙහෙ නතර වෙන්න ආපු දවසේ මම හොදටම ඇඩුවා. බිම ඉදන් ඔම්මගෙයි අප්පයිගෙයි කකුල් අල්ලන් ඇඩුවේ මාව මෙතන තියලා යන්න එපා කියලා. ඒත් එයාලා මාව බලාගන්න කෙනෙකුත් එක්ක දාලා ගියා. දවස් දෙක තුනකට සැරයක් එනවා. එච්චරයි. එදා මම අඩනවා ජුන්කුක් ඔප්පා මෙහේ හිටිය වෙලේ දැකලා තියනවා. එයා පහුවදා මාව බලන්න ආවේ මම ආසම මල් ජාතිය අරගෙන. Juliet rose. මම එයාට කිව්වේ නෑ මම ආසම ඒ මල්වලට කියලා. ඒත් එයා ගෙනාවා. හැමදාම මාව බලන්න එනවා. මගේ ගැන හොයන එකම කෙනා විදිහට මම දැක්කේ ඔප්පව විතරයි. ඒත් ඔන්නිව හම්බුනාම මට දැනුනේ ඔප්පා ගාව ඉද්දි දැනෙන සැනසීම... ඒකයි මම ඔන්නිට මගේ ජීවිතේට ලන් වෙන්න දුන්නේ...
රීනා කියාගෙන යනකොට මම අහගෙන හිටියේ හිස් හැගීමකින්. ඒත් එයා ආසම මල් ජාතිය Juliet rose කිව්වම නම් මට එයා දිහා බැලුනා.
ජුන්කුක් මට නොකියන එයා ආදරේ කරන කෙනා රීනා වෙන්න ඕනි. මට සතුටුයි. ගොඩක් සතුටුයි.. එයා කොහොම අවාසනාවන්ත උනත් එයා එයාගේ ආදරේ ලබන්න වාසනාවන්තයි.
මිනූ - ඔයා වාසනාවන්තයි රීනා..
රීනා - ඇයි ඔන්නි එහෙම කියන්නේ
මිනූ - ඔයාට ඔයාගේ ආදරේ ලැබෙනවා නේ 🙂
රීනා - ඔන්නි කියන්නේ ජුන්කුක් ඔප්පා ගැනද
YOU ARE READING
Love Me Too || JJK
Fanfictionආදරය... තුන් කොන් ආදරයක්.. මම ඔහුට ආදරය කල නමුත් ඔහු ඇයට ආදරය කරනවා... මේ හැමදේම මැදින් කෙනෙක් මට ආදරේ කරනවා... ඒ ආදරේ වෙනස්... හිත් රිදීම් පසු තැවීම් මැද්දෙ උනත් ආදරේ කරද්දි ඒ ආදරේ ලස්සනයි... . . . . . G × B lv story